දිනසේන රතුගමගේ –
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ තිබූ පිළිම දෙකකට කිසියම් පිරිසක් විසින් ඊයේ ( 2 )දා හානි කොට ඒවා කඩා බිද දමා ඇති බවට දෙව්මැදුරේ බාරකාර පියතුමන් විසින් සිලාවතුර පොලීසියට පැමිණිලි කොට තිබේ.
මෙසේ හානි කොට කඩා බිද දමා ඇත්තේ දේවස්ථානයේ පසෙක වීදුරු කුටි වල තැන්පත් කොට තිබූ අඩි 1 ක් හා අඩි තුනක් උස දේව ප්‍රතිමා බව ප්‍රකාශ කරන සිලාවතුර ශාන්ත අන්තෝනීදෙව් මැදුරේ බාරකාර පියතුමන් දැනට වසර තුනක පමණ සිට මන්නාරමේ විවිධ ආගම්වලට අයත් ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීමත් ප්‍රතිමා වලට හානි සිදු කිරීමත් වැඩි වශයෙන් සිදු කරණ බවද කියා සිටියේය.
සිලාවතුර දේවස්ථානයේ උදෑසන පූජාව තැබීමට ගොස් බලන අවස්ථාවේදී පිළිමවලට හානි සිදු කොට අති අයුරුදැක ගන්නට ලැබුණු බවද දේවස්ථානයේ බාරකාර පියතුමා පොලීසියට පැමිණිලි කොට තිබේ.
මන්නාරම සිලාවතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.