කීර්ති ප්‍රනාන්දු –
-
කලබල වුණු සෞඛ්‍ය නිලධාරීන් අරන් ගිහින් තියෙන්නෙ බාගෙට එම්බාම් කළ සිරුර….
-
මල්ශාලාවේ කාර්ය මණ්ලය සහ මල ගෙදර අය නිරෝධායනය කරලා…
කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමට පෙර රෝහල් බලධාරීන් විසින් මුදා හරින ලද මල සිරුරක් මල් ශාලාවට රැගෙන ගොස් එම්බාම් කරමින් තිබිය දී නිකුත් වී ඇති පී,සී.ආර් වාර්තාවෙන් මිය ගිය අයට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා මල සිරුර ආපසු රෝහලට රැගෙන ගොස් මල්ශාලාවේ පිරිස් හා මළ ගෙදර උදවිය නිරෝධායනය කළ පුවතක් පානදුරෙන් වාර්තා වේ.
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් මේ පිළිබඳව ලංකාසරට පැවසුවේ මෙවැනි කතාවකි.
මිය ගිය පුද්ගලයා පානදුර වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවරුදු 74කි. පසුගිය 12 දා මිය ගිය අයගේ මලසිරුර පානදුර මූලික රොහලේ දී පි.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇත. එහෙත් මරණකරුගේ ඒ පවුලේ කිසිවෙක් කොවිඩ් ආසාදිතව නොසිටීම නිසා පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර දේහය රෝහලින් නිදහස් කර තිබේ.
පසුව ඥාතීන් විසින් මලසිරුර මල් ශාලව වෙත බාර දී ඇති අතර මල්ශාලාවේ සිරුර සකස් කරමින් සිටිය දී පී.සී.ආර් වාර්තාව රෝහලට ලැබී ඇත. වාර්තාව අනුව තහවුරු වී තිබුණේ මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් ලෙසය.
එහිදී කලබලයට පත් සෞඛ්‍ය අංශ නිලධාරින් වහාම මල් ශාලාවට ගොස් එම්බාම් කරමින් තිබුණු මල සිරුර නැවත රෝහල වෙත රැගෙන විත් තිබේ.
පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසන් මිය ගිය අයගේ පවුලේ උදවිය සහ මල් ශාලාවේ කාර්ය මණ්ඩලය වහාම නිරෝධායනයට ලක් කර ඇත.
මිට අමතරව පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයින් කීපදෙනෙක්ම නිරෝධායනයට ලක් කළ බව ඔහු පැවසීය.