සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරි දළදා වන්දනාව අවපැහැ කළ VIP සූදුව…

by editor
අප්‍රේල් 21, 2025
in පුවත්
පරණ උසාවිය ඉදිරිපිටින් විශේෂ පාර...

පරණ උසාවිය ඉදිරිපිටින් විශේෂ පාර...

Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඇමති ලාල් කාන්ත සහෝදරයා ඊයේ මෙසේ කීවේය.

“දැන් ඔන්න සිරි දළදා වන්දනාව තියනවනේ මේ දවස්වල. ඔයගොල්ල පිළිගන්න මේ කතාව. මට ඉන්නවා යාලුවො ගොඩාක්. නෑදෑයො ඉන්නවා. දන්න කියන මිනිස්සු ගොඩාක් ඉන්නවා අපේ සමාජයේ. අපේ ටෙලිෆොන් නම්බර්ස් තියනවා ගොඩාක් අය ලඟ. එක්කෙනෙක්වත් කතා කරලා කිව්වෙ නෑ … තමන්ට පෞද්ගලිකව යන්න පුලුවන් ක්‍රමයක් හදලා දෙන්න කියපු එක්කෙනෙක්වත් නෑ…. එක්කෙනෙක්වත් නෑ.”

“ඇමති තුමා අපට මේක බලන්න යන්න වීඅයිපී… මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න කියලා… එහෙම කියපු එක්කෙනෙක්වත් නෑ. මොකක්ද මේ වෙලා තියෙන්නේ… ජාතික වශයෙන් දේශපාලන සංස්කෘතිය හැදෙනකොට පහළිනුත් ජනතාව හැදෙනවා… ඒකයි ඒ තියෙන්නේ.”

“මම ගියා… ජනාධිපති තුමා එක්ක. නුවර භාරව ඉන්න සංවිධායකයා නිසා මම යන්න ඕන ජනාධිපති තුමා එක්ක. ඒ නිසා ගියා. කීප දෙනෙක් මගෙන් අහනවා නෝනලා ආවෙ නැද්ද කියලා. මම කිව්වා නෝනලා නෑ… නෝන කෙනෙක් නම් ඉන්නවා. අපි යනකොට ඒගොල්ල කතා කළත් එන්නේ නෑ. අපි කතා කරන්නෙත් නෑ. ඒ ගොල්ලන්ට එහෙම අහන පුරුද්දකුත් නෑ. ඇහුවත් දන්නවා… එහෙම එක්කගෙන යන්නේ නෑ.”

“ඒ ගොල්ල විතරක් නෙමෙයි… ලඟ ඥාතියෙක් මිත්‍රයෙක් මන්ත්‍රීලා… මේ ඡන්දේ ඉල්ලන අය. කිසිකෙනෙක් අර පෝලිමේ ගිහින් සිරි දළදා වන්දනාව කරනවා හැර අපට යන්න වෙන ක්‍රමයක් නැද්ද කියලා අපහු එක මිනිහෙක් නෑ… මන්දා මගෙන් නම් අහලා නෑ. ඒක අපේ රටේ ජනතාව හොඳ විදිහට හැඩ ගැසෙනවා වෙනස් වෙනවා කියන එකට තියන හොඳම සාක්ෂියක්. ”

ලාල් කාන්ත සහෝදරයාගේ මට්ටමින් ඒ කතාව හරි වෙන්නට පුලුවන. ඔහුගෙන් සිරි දළදා වන්දනාවට පෝලිම් පැන යන්න අහන්නේ නැත. ඉල්ලීමක් කර වැඩක් කරගන්න හැකි ආකාරය මිනිස්සු දන්නේය. ඒ ගේම මේ වනවිටත් ගැහෙන්නේය. කණගාටුවෙන් වුවද ලාල් සහෝදරයාට දන්වන්ට වන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුවද සමාජයේ සංස්කෘතිය වෙනස් වී නැති බවය. එබැවින් දකින හීනයෙන් අවදිවීමත් තුනෙන් දෙකක බලයක් තිබුණද මේ සමාජය තුළ අත තැබිය නොහැකි මුදා ගත නොහැකි කලාප තිබෙන බවට දැනුම්වත් වීමත් ඒ කලාප විධිමත් කිරීමට විධායක ජනාධිපතිවරයාටවත් නොහැකි බව දැනගැනීමත් ලාල් කාන්ත සහෝදරයා ඇතුළු ආණ්ඩුවේ සහෝදරවරුන්ගේ දේශපාලන සංස්කෘතියට යහපත්ය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

එමෙන්ම එම අසංස්කෘතික කලාප සංස්කෘතික කිරීමේ බලය තමන් සතුව ඇති බව වූ අවබෝධාත්මක සංයමයකින් එය වෙනස් කිරීමට මැදිහත්වීම ජනතා අපේක්ෂාවක් බවත් මිනිසුන් ඡන්දය දුන්නේ ඒ උදෙසා බව ද තේරුම් ගැනීමට කාදිනල් තුමා අද කළ විශේෂ ප්‍රකාශය අසා සිටීම ප්‍රමාණවත්ය.

පළමු දිනයේ පෝලිම්වල මිනිස්සු සිටිද්දි සිරි දළදා වැන්ද පිරිස…

වීඅයිපී පෝලිම්

සමහරවිට ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනාව නොවෙන්නට පුලුවන. නමුත් මේ වනවිටත් සිරි දළදා වන්දනාවට දින ගණන් පාරවල් වල ලගිමින් පෝලිම් ගැසෙන අසරණ මිනිසුන් නොතකා විශේෂ වරප්‍රසාදිතයෝ දළදා වඳති.

ඒ පෝලිම් ප්‍රධාන වශයෙන් දියවඩන නිලමේවරයාගේ පාර්ශවයෙන් එන සම්භාවනීයන් සහ ආණඩුවේ ඉහළ නිලධාරීන්ගේ දැන හැඳුනුම්කම් මත එන විශේෂිත සම්භාවනීයන්ගෙන් යුක්ත බව දළදා මාළිගාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගම තහවුරු කරයි. කුපාඩිකම වන්නේ මුල් දින තුළ තුළ මේ සම්භාවනීය පිරිස් වෙත දළදා වන්දවනු ලැබුවේ මහ ජනතාවට පැය එක හමාරක කාලයක් පෝලිම්වල ලග්ගවමින් පෙරවරු 11 සිට 12.30 දක්වා අතර කාලය තුළය. මේ කාලයේ දී වරප්‍රසාදිත පිරිස් දළදා වඳින බව වීඩියෝ දර්ශන සහිතව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් ඒ සම්බන්ධව ප්‍රශ්න කරන තුරු ජනතාව දැනුම්වත් වී සිටියේ නැත.

දියවඩන නිලමේවරයාගේ නිල නිවස අසල…

මේ පත්තුවීමත් සමග දැන් අද සිට ජනතාවට පෙරවරු 11 සිට දළදා වැන්ද හැකිය. එහෙත් ඊට සමගාමීව දළදා හොර පාරෙන් දළදා වන්දනා කරවන කටයුත්ත ද සිදුවෙමින් ඇත.

මේ විශේෂිත පුද්ගලයින් දළදා වන්දවන මාර්ග දෙකක් තිබේ. එක් මාර්ගයක් වැටී ඇත්තේ පරණ උසාවිය ඉදිරිපිටින් ගොස් සාරානාත් පිළිමය අසල ගේට්ටුවෙන් ඇතුළු වී අලුත් මාළිගාව හරහා ගමන් කර උඩ මළුවට ඇති පඩිපෙළ ඔස්සේ ගොස් දළදා වහන්සේ වැඩ හිඳනා පිරිත්මණ්ඩපය අසලට ගමන් කිරීමය. මේ ඇත්තන් බොහෝ විට රාජ්‍ය නිලධාරීන්ගේ ඇතැම් හිටපු ඉන්න දේශපාලකයින්ගේ සහ දියවඩන නිලමේ ගේ අවසේස ඇත්තන්ගේ ඥාති හිතවත් කට්ටිය ය.

දෙවැනි මාර්ගය දියවඩන නිලමේ තැනගේ කිට්ටුම ව්‍යාපාරිකයින් හිතවතුන් ඔහුගේ දියවඩන නිලමේ ඡන්ද කෙළියේ ඉන්නා ඇත්තන් ඇතුළු ඔහුට සමීප ධන කුවේරයන් ඇතුළු පිරිස්ය. මේ අය රැස්වන්නේ දියවඩන නිලමේ තැනගේ නිල නිවස වෙතය. එතැනින් ඉලෙක්ට්‍රික් වාහනවලින් මහ ගේටුවෙන් ඇතුළු වී දානශාලාව හරහා මහමළුවට ඇතුළු වේ.

දිනකට මෙසේ දළදා වන්දවන පිරිස්වල ප්‍රමාණය දෙදහසටක අධිකය. මේ කටයුත්ත මල්වතු මහා නායක හිමිවරුන්ද දැනුම්වත්ව දියවඩන නිලමේ වරයා විසින් සිදුකරනු ලබන බවට චෝදනා එල්ල වන්නේ රටේ රාජ්‍ය නායකයා වීඅයිපී පෝලිම් නැති බව පුන පුනා කියද්දීය.

පරණ උසාවිය ඉදිරිපිටින් විශේෂ පාර…

 දියවඩන නිලමේ පවු

දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල දළදා වහන්සේ ගේ හිමිකරු නොව භාරකරුය. ඕනෑම වගකීමක් තනතුරක් වුවත්  වසර 20ක් පරිහරණය කරන විට එය භුක්තියට සවි වී ඇති බවට යටිහිතට දැනීම පෘතග්ජන ස්වරූපය ය.  දියවඩන නිලමේ ධූරයත් එහෙමය. අවුරුදු 20ක් එම තනතුරේ  කටයුතු කරන විට හිමිකාරීත්වයේ සහ භාරකාරිත්වයේ වෙනස අමතකවී යෑම පෘතග්ජන ස්වරූපය තැන්පත් නිලංග දෑලටත් පොදු බව අපගේ  හැඟීමය. මේ වීඅයිපී පෝලිම් අපට පෙන්නෙන්නේ ඒ මානසික අවුලේ ප්‍රතිඵලයක් ලෙසය.  ඒ අර්ථයෙන් බලනවිට තැන්පත් නිලංග දෑල පවුය.

ඔහුව තවදුරටත් මේ මානසික ප්‍රකම්පනයේ තැබීමේ අපරාධය ජාතියක් වශයෙන් අප නොකළ යුතුය.  මේ ස්වරූපය ගැන අවබෝධයක් නැතිව  තවත් වසර 10ක් සඳහා දියවඩන නිලමේ  ධූරයේ බලය ලබා ගැනීමට තැම්පත් නිලංග දෑල දැන් ඡන්දයට සූදානම් වන්නේය. ඔහු මෙතෙක් ජාතියට කළ අප්‍රමාණ සේවය සම්බන්ධව තක්සේරු කර ඔහුට කරන ගෞරවයක් වශයෙන් හෝ මෙවර ඔහු වෙත එම වගකීම නොපැවරීම  ජාතික වගකීමක් ලෙස අප අභියස තිබේ.  දැනට රට්ටු කතා වෙන්නේ   නිලංග දෑල   වෙනුවෙන් වැටෙන එක් ඡන්දයක් වෙනුවෙන් මහා සම්පත් උපදින බවය.   දළදා වහන්සේ ඒ තරම්ම ආනුභාව සම්පන්නය.

ආණ්ඩුව බලන් ඉන්නවා ද?

වඩාත්ම පැහැදිලිව කියනවා නම්  යමෙක් යමක් දිනා ගැනීමට ගහන ගේම   රටේ නීතියට පටහැනි නම් පටහැනි තැන් සොයා වැළැක්විය යුතුය.  නීතියට අවුලක් නැත්ත් ගහන ගේම අවුල් නම් ඒ ගේම් ගැසීම වළක්වා ගැනීම සඳහා නීති සම්පාදනය කරගත යුතුය. ආණ්ඩුවක් ඉන්නේ ඒ සඳහාය. අප අපේ ජීවිතවල  අපට මතක ඇති කාලයක සිට ජීවිත අපේක්ෂා  කැපකරමින් අපේ යැයි කියා ආණ්ඩුවක් හදාගත්තේ ඒ සඳහාය.

තමන්ගේ දේශපාලන කලාපයට හානියක් වනු ඇතැයි පූර්ව නිගමන සහිතව ක්‍රිකට් සභාපති ලෙස ෂම්මි සිල්වා පත් වෙන්නට ඉඩ හැරියා සේ දළදා වහන්සේටත් ඕනෑම ව්‍යසනයක් වෙන්නට දී භාරකාරයන්ට සූදු කෙළීමට ඉඩ දෙන්නේ නම් අප බලාපොරොත්තු වූ සංස්කෘතික ආණ්ඩුව එතැන නැත. විහාර දේවාලගම් පනතක් තිබේ. ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159කගේ බලයක් පාර්ලිමේන්තුව තුළ තිබේ. මේ පනත් අනාගත ව්‍යසනයන් වැලැක්වීම සඳහා සංශෝධනය කිරීමට ආණ්ඩුව ඉදිරිපත් වන්නේ නම් ඊට අකුල් හෙළීම විපක්ෂයටත් සිදුකළ හැකි නොවේ.

රාජ්‍ය බලය සහිතව කළ යුතු දේ කිරීමට තරම් විශ්වාසයක් හෝ ධෛර්යයක් ආණ්ඩුවට නැතිනම් තවත් කළ හැකි දෙයක් තිබේ.

එනම් රටේ හැටි දැනගෙන, ඒ  අශිෂ්ට ස්වරූප පිළිගෙන පොර ටෝක් දෙමින් නෝන්ඩි නොවී සද්ද නැතිව ඉඳීමය.

මේ දැක්වෙන්නේ දළදා වන්දනාවට වීඅයිපී නඩ හොරෙන් බැස ඇති අන්දමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයට එරෙහි පාරරාජ්‍යයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මකයි… කාදිනල්තුමෝ හෙළිදරවු කරති!

Next Post

රනිල් අල්ලස් කොමිසම එක්ක සෙල්ලම් කරනව ද?. පළමු වර කොළඹ නෑ කිව්වා… දෙවැනි පාර නීතිඥයා රටලු… ලංකාවට ආවට පස්සේ දිනයක් අරන් එන්නලු…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.