හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ලබන 25 වැනිදා පෙනුම් සිටින්නැයි නැවත දැනුම් දීමක් සිදුකර තිබේ.
ඒ දූෂණ විරෝධී පනත යටතේ චාමර සම්පත් දසනායකට එරෙහිව කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
පසුගිය 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමක් කළ ද එම දිනයේ තමන් කොළඹ නොමැති බව දන්වමින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කොමිසමට පැමිණියේ නැත.
එදින නොපැමිණීම සාධාරණදැයි තහවුරු කිරීමේ පරීක්ෂණයකට යටත්ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නව දිනය ලබා දී තිබිණි.
මේ අතර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළේ සිය නීතිඥවරයා විදේශගතව සිටින බැවින් ඔහු පැමිණීමෙන් පසු දිනයක් ලබා ගන්නා බවය.
” චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ සිද්ධිය ගැන මම මෙතන කතා කරන්න යන්නෙ නෑ. මගේ නීතිඥ තුමා පිටරට ගිහින් ඉන්නේ. ආවහම අපි දිනයක් දාලා යන්නම්. ” රනිල් වික්‍රමසිංහ අද ජනතා රැළියක දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.







