බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිකොත ඇවිලෙයි… ජාතික සේවක සංගම් රැස්වීම කඩාකප්පල් වෙයි….

by editor
ජූනි 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එජාපයේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරීම ඉලක්ක කරගෙන ජාතික සේවක සංගම් මුළස්ථානයේ ප්‍රධාන ශාලාවේ සංවිධානය කර තිබූ රැස්වීම අද ( 08) උදෑසන ඇති වූ දැඩි විරෝධතා හා කලබැගෑනි මධ්‍යයේ සම්පූර්ණයෙන් කඩාකප්පල් වී ගියේය.

සිදුවූ සිද්ධිය සැකවින් මෙසේය.

අද (08) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාකාධිකාරී මණ්ඩලය රැස් වන්නට ප්‍රථම ජාතික සේවක සංගමයේ විශේෂ රැස්වීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජාතික සේවක සංගමයේ සභාපති සිරිනාල් ද මැල්, එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ එජාප ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන්  සිරිකොත ප්‍රධාන ශාලාවේ දී කැඳවා තිබිණි.

උදෑසන 10 ට පමණ කැඳවා තිබූ එම රැස්වීමේ පරමාර්ථය වූයේ ඉදිරි මැතිවරණයේ දී ජාතික සේවක සංගමය එක්සත් ජාතික පක්ෂය හා එක්ව මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කරන ආකාරයය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

උදෑසන 10.20 පමණ වන විට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාතික සේවක සංගම් වෘත්තීය සමිති නායකයන් අමතා ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කර එතැනින් පිටවී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෑමට පැමිණීමේ දී ශාලාවේ පිටිපස සිටි පිරිසක් එ.ජා.ප නායකයාගේ ගමන හරස් කර ප්‍රශ්න කරන්නට වූහ.

ඔවුන් එක හෙළා මෙසේ කීහ. “ ඔබ තුමා කවදාවත් අපට අපේ ප්‍රශ්න කියන්න දුන්නෙ නෑ… අපට ඇහුම්කන් දුන්නේ නෑ,. මේ දැන්  කරන්නෙත් ඒක… කරුණාකරලා අපට අපේ ප්‍රශ්න කියන්න ඉඩ දෙන්න.“

එවිට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ කීවේ “ මේක ප්‍රශ්න කතා කරන්න වෙලාවක් නෙමෙයි. අපට විශාල කටයුත්තක් කරන්න ඉතිරි වෙලා තියනවා. අපි ඉතාම ඉක්මනින් හමුවෙමු. හමු වී අපේ ප්‍රශ්න කතා කරමු“ ලෙසය.

එහෙත් එම පිරිස ඊට සපුරා පටහැනිව දැන්ම තමන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු අවශ්‍ය බව කියමින් දැඩි කලහකාරීව හැසිරුණහ. මේ අතර හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර සභාව අමතමින් සිටියේය.

එහෙත් ඒ කතාව නෑසිනි. එකම ගාලගෝට්ටියක් ඇති විය. සිරිකොත ප්‍රධාන ශාලාව හූ හඬින් දෙවනත් විය. එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම සඳහා ආයාසයෙන් පිටව ගිය අතර ජාතික සේවක සංගමයේ කැඳවා තිබූ රැස් වීම කඩාකප්පල් විය.

මේ සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායම විසින් කරන ලද කඩාකල්පල්කාරී ක්‍රියාවක් බව එජාප ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share82Tweet43
Previous Post

මේ මැතිවරණයේ දී ටී.එන්.ඒ එකට යන එන මං නෑ… ශිවාජිලිංගම් කියයි

Next Post

නුවර ඇසළ පෙරහැර ගැන බලාපොරොත්තුවක්

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.