බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරකරු සුබ සාධන අරමුදලින් සිරකරු සුබ සාධනයට ගිය වසරේ  ශත පහක් වියදම් කර නෑ….

විගණනය හෙළි කරන කතාවක්...

by editor
ඔක්තෝබර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සිරකරුවන්ගේ සුභසාධක  වැඩසටහන් සඳහා  සිරකරු සුභසාධක අරමුදලින් 2020 වර්ෂයේ දී  කිසිදු වියදමක් දරා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම සිරකරුවන් නිදහස් කළ පසු ඔවුන්ගේ පුනරුත්ථාපනයට   උපකාරීවන  පශ්චාත්භාරසේවා සඳහා  අරමුදලින් කිසිදු ප්‍රතිපාදනයක්  සලසා නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

තවද  අරමුදලේ ප්‍රගතිය මැනීම සඳහා  කාර්යසාධන  දර්ශක හදුන්වා දී නොතිබුනු  බවද විගණන  වාර්තාවේ  සඳහන් වේ. බන්ධනාගාරවල පැවැත්විය යුතු  වැඩසටහන්  ස්වභාවය,  සහභාගි කළ යුතු සිර සැකකරුවන් සංඛ්‍යාව  දැරීමට සිදුවන පිරිවැය  ඇතුළත්ව පුර්ව සැලසුම් සකස්කොට  එම සැලසුම්වලට අනුව  ප්‍රගතිය වාර්තා නොකිරීම නිසා  අරමුදලේ අරමුණ ඉටුකිරීමේ  මුල්‍ය හා භෞතික කාර්යසාධනය  ඇගයමට නොහැකි වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම  බන්ධනාගාර ආයතන වෙත ලැබෙන  පාරිභෝජ්‍ය ද්‍රව්‍ය ගිණුම්ගත කිරීම සඳහා  ගිණුම්කරණ ප්‍රතිපත්තියක්  හඳුනාගෙන නොතිබීම හේතුවෙන් 2020 වර්ෂයේ දී  රුපියල් 2,195,395ක පාරිභෝජ්‍ය ද්‍රව්‍ය  ලැබීම හා තොග ප්‍රමාණයන්  මුල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම අරමුදල සඳහා වෙනම  බැංකු ගිණුමක් පවත්වා නොමැති අතර  සුභසාධක අරමුදලේ ගනුදෙනු  දෙපාර්තමේන්තුවේ නිල බැංකු ගිණුම යටතේ  ඉටුකරගෙන තිබු  බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සිරකරු සුභසාධක අරමුදලේ  මුල්‍ය ප්‍රකාශනවලට අනුව  සමාලෝචිත වර්ෂය සඳහා (2020)  අරමුදලේ මුල්‍ය ප්‍රතිඵලය  රුපියල් 7,63,088ක ඌනතාවයක් ඇති බවද විගණන වාර්තාවේ  සඳහන් වේ.

එමෙන්ම 2019 වර්ෂයේ දී  මුල්‍ය ප්‍රතිඵලය   අනුව 13,59,184ක ඌනතාවයක්  වුයෙන්  මුල්‍ය ප්‍රතිපලයේ  5,96,096ක වර්ධනයක් සිදුවි තිබුණි. 2020 වර්ෂයේ අරමුදල මගින් ක්ෂය  හැරුණුවිට කිසිදු  වියදමක් දරා නොතිබිම  මෙම වර්ධනය කෙරෙහි  ප්‍රධාන වශයෙන් බලපා තිබු බවද විගණන වාර්තාවේ  සඳහන් වේ.

සිරකරු සුභසාධක අරමුදලක් පිහිටුවිම සිරකරුවන්ගේ පොදු සුභ සිද්ධිය සඳහා  ඉන් වියදම් දැරීම හා  ඊට සම්බන්ද අනුෂාංශික  සියලු කරුණු සඳහා  විධි විධාන සැලැස්වීම පිණිස  ජාතික රාජ්‍ය සභාවේ  1973 අංක 18 දරණ  බන්ධනාගාර දේපාර්තමේන්තුවේ  සිරකරු සුභසාධක අරමුදල පනත පිහිටුවා තිබුණි.

බන්ධනාගාර කළමනාකාරීත්වය

මෙම විගණන නිරික්ෂණ සම්බන්දයෙන්  කළමණාකාරිත්වය ද අදහස් දක්වා තිබුණි.

2020 වර්ෂයේ සිරකරු සුභසාධක අරමුදලේ  සුභසාධන කටයුතු සඳහාවන වියදම් දැරීම සඳහා  අරමුදලේ පැවති  ශේෂය ප්‍රමාණවත් නොමැති  බව කළමණාකාරිත්වය මගින්  විගණනයට ප්‍රකාශකොට ඇත.

මේ සඳහා රජයේ හා භාණ්ඩාගාරයේ හෝ  වෙනත් මුල්‍ය සහායක්  ද නොමැති බැවින් 2020 වර්ෂය සඳහා ඇස්තමේන්තුවක් සකස්කර නොතිබුණි. 2020 වර්ෂයේ සිරකරු සුභසාධක අරමුදල මගින්  කිසිදු වියදමක් දරා නොතිබුන ද  සිරකරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා  බාහිර පර්ශවයන්ගෙන් ලැබෙන දායකත්වයෙන්    එම කටයුතු බෝහෝදුරට  ඉටුකරගෙන තිබූ බවද  කළමණාකාරිත්වයේ අදහස් දැක්වීමේ දී  විගණනයට ප්‍රකාශකොට ඇත.

ඉදිරියේ දී අරමුදලේ ප්‍රගතිය මැනීම සඳහා  කාර්යසාධන දර්ශක හඳුන්වාදීමට කටයුතු කරණ ලෙස  බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන ) වෙත උපදෙස් ලබා දී ඇති බව ද  කළමණාකාරිත්වය මගින් විගණනයට ප්‍රකාශකොට ඇත.

බන්ධනාගාර වෙත ලැබෙන පාරිභෝජ්‍ය ද්‍රව්‍ය  සම්බන්ධයෙන්  කළමණාකාරිත්වය  සඳහන් කොට ඇත්තේ  සිරකරුවන්ගේ  පරිහරණය සඳහා  පරිභෝජ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන අතර  එම භාණ්ඩ සිරකරුවන්ගේ පරිහරණය සඳහා  ලබාදීමට කටයුතු කරන බවය.

එම භාණ්ඩ පාරිභෝජනයෙන්  අවසන්වීම හේතුවෙන්  එවා තොග ලෙස අවසන් ගිණුමට  ගැලපීම සිදුනොකරණ බවද කළමණකාරිත්ව අදහස් දැක්විමේ දී විගණනයට ප්‍රකාශකොට ඇත.

එහෙත් වත්කම් ගිණුම්ගත කිරීම  ක්‍රමවත් කිරීම සඳහා වත්කම් ප්‍රවර්ථන වර්ෂයේ සිට  විසර්ජන ගිණුම මගින්  වාර්තා කිරීමට කටයුතු කරමින් සිටින බවද  විගණනයට ප්‍රකාශකොට ඇත.

පාරිභෝජ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග ගිණුම්ගත කිරීම සඳහා  ගිණුම්කරණ ප්‍රතිපත්තියක්  හඳුන්වාදිය යුතු බව ද විගණනය මගින් නිර්දේශකොට ඇත.

සිරකරු සුභසාධක අරමුදලේ 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුල්‍ය කාර්ය සාධන ප්‍රකාශය සම්බන්දයෙන් මෙම වාර්තාව නිකුත්කොට තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩයනා ගමගේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ගැන මෙතෙක් නොකළ හෙළිදරව්වකට සැරසෙයි!

Next Post

ෆයිසර් එන්නත් හය ලක්ෂ අට දහසක් ලංකාවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.