රජයේ හෙද සේවාවට අයත් සියලුම හෙද හෙදි නිලධාරිහු අද පෙරවරුවේ සිට පැය 48ක ලෙඩ නිවාඩු වෘත්තීය පියවරක් අනුගමනය කර ඇත. අත්‍යවශ්‍ය රාජකාරී හැර සෙසු සියලුම රාජකාරීවලින් ඔවුන් අද සහ හෙට ඉවත් වන වන බවත් හෙද සේවාවට අයත් සියලුම වෘත්තීය සමිති ඒකාබාද්ධ ව මෙ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කරති.
හෙද සේවයට බලපාන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් කලක පටන් රජයෙන් කරනු ඉල්ලීම් කිසිවකට නිසි ප්‍රතිචාර ලැබී නොමැති අතර මේ වනවිට එම තත්ත්වය ඉතා අසීරු මට්ටමකට පැමිණ ඇති බවත් එම ඉල්ලීම් සඳහා වහා විසඳුම් ලබා දී හෙද සේවාවට අවශ්‍ය සාධාරණය ඉක්මනින් ඉටු කරන ලෙස රජයට බල කරන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.