සියල්කොට්හි දී රාජ්කෝ ක්‍රීඩා ඇඟළුම් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයාව සිටි ප්‍රියන්ත දියවඩන මැර පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් පසු රටේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා පුළුල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පකිස්ථානු රජය අද (12) තීරණය කළ බව පක්ස්ථාන පුවත් ඒජන්සි වාර්තා කරයි.
ඉස්ලාමාබාද් හි දී අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී රටේ සමස්ථ ආරක්ෂාව පිළිබඳ මෙසේ සමාලෝචනයකට ලක් කර නව උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව එම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
උක්ත රැස්වීමට පකිස්ථානයේ ප්‍රවෘතිත් අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ්, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා, ජාතික ආරක්ෂක උපදේශක ආචාර්ය මොයිඩ් යූසාෆ්, පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය සර්දාර් උස්මාන් බුස්දාර් මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නිලධාරීන් සහභාගි වී ඇත.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කර ඇත්තේ මෙම රැස්වීමේ දී ප්‍රියන්ත කුමාර ඝාතනය දැඩි සේ හෙළා දුටු බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමේ අධිෂ්ඨානය ප්‍රකාශ වුණු බවත්ය.
පුද්ගලයන්ට සහ මැර කල්ලිවලට නීතිය අතට ගැනීමට ඉඩ දිය නොහැකි බවත් එවැනි සිදුවීම් ඉවසිය නොහැකි බවත් රැස්වීමට සහභාගි වූ ප්‍රභූන්ගේ අදහස වී තිබේ.
රැස්වීමේදී ප්‍රියන්ත බේරා ගැනීම සඳහා තම ජීවිතය අනතුරේ හෙළූ මලික් අද්නාන්ගේ නිර්භීතකම සහ ධෛර්යය ප්‍රශංසාවට ලක් වී ඇත. මිය ගිය ප්‍රියන්තගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ වී තිබේ.