චීනයේ නිෂ්පාදිත COVID-19 එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හදිසි අවස්ථා සඳහා ඊයේ අනුමත කර තිබේ.
එය කොවිඩ් මර්දනය සඳහා වන ගෝලීය එන්නත්කරණ වැඩපිළිවෙලේ විශාල කාර්යභාරයක් ඉටුකිරීම සඳහා චීනයට ඉඩහසර ලබාදීමක් ද වනු ඇත.
චීනයේ සහ වෙනත් තැන්වල මිලියන සිය ගණනකට ලබා දී ඇති චීන කොවිඩ් මර්දන එන්නත් දෙකෙන් එකක් වන මෙම එන්නත, බටහිර නොවන රටක් විසින් නිෂ්පාදනය කොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය දිනාගත් පළමු එන්නත වේ.
බෝවන රෝගයක් සඳහා චීන එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වේ.