එළඹෙන සිංහල හා හින්දු අවුරුද්දට පෙර ඉදිකිරිම් කරුවන්ගේ මුදල් නොගෙවුවහොත් සිංහල අවුරුද්දෙන් පසුව ඉදිකිරීම්කරුවන් සියලුම රාජ්‍ය ආයතනයන් වෙත පැමිණ තම විරෝධතාවය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අනතුරු අගවා සිටියි.
මෙම විරෝධතාවයට ඉදිකිරීම් කරුවන් පමණක් නොව ඉදිකිරීම් සදහා භාවිත කරන බැකෝ,, දොඹකර වැනි වාහන, උපකරණ , ආම්පන්නද රැගෙන එන බව ඔවුහු පවසා සිටියි.
මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කරුවන් ලක්ෂ 10 – 12ක් පමණ දෙනා මුදල් නොලැබීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට පැටලී සිටින බවද සංගමයේ හිටපු සභාපති ඩැරින්ටන් පෝල් සදහන් කරයි.
ලබන මාසය වන විට ලක්ෂ 6ක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ රැකියා අහිමි වන බවද ඔහු පෙන්වාදේ.