සෑම පැය 6කට වරක්ම ඇඳන් 1000ක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හදන්න වෙලා…

Senal-Farnando

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනකට සෑම පැය හයකට වරක් ඇඳන් 1,000 ක් සහිත අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කළ යුතු තත්වයක් මේ මොහොතේ රට තුළ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

සෑම දිනයකම එක් දිනක් තුළ වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය වාර්තාවීමට පටන්ගෙන ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය.

මේ තත්වය තුළ ඉදිරි සතියේ දී සෑම පැය 4කට වරක්ම ඇඳන් 1000ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කළ යුතු මට්ටමට රට පත්වනු ඇති බව ඔහු අනතුරු හැඟවීය.

“ රෝහල් ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමෙන් COVID රෝගීන්ගේ දෛනිකව වැඩිවීමේ වේගය පාලනය කරන්න බෑ… එය මේ ප්‍රශ්නය සඳහා විසඳුමක් නොවෙයි. ඇඳන් ගණන වැඩිවීම යන්නෙන් අදහස් වන්නේ සෞඛ්‍ය අංශය තමන්ගේ භෞතික සම්පත් ධාරිතාවය පුළුල් කරන බවයි. එත් ඇඳන් හදලා අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන පුළුල් කරන වේගයට සමාන්තරව පුහුණු සෞඛ්‍ය සේවා නිලධාරීන් සංඛ්‍යාත්මකව වැඩි කරන්න බෑ…“

“දැන් අප විසින් ගනු ලබන තීරණ මත ඉදිරි සති කිහිපය තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය තීන්දු වේවි. “ ඔහු පැවසුවේය.

යුරෝපීය රටවල සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවා කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ රෝග නිවාරණ අංශ කඩා වැටුන බැවින් මෙම තත්වය බරපතල ලෙස ගෙන කටයුතු කිරීම රජයේ වගකීම බව විද්වත්හු දිගින් දිගටම පෙන්වා දෙති.


Exit mobile version