ජපානයේ මූල්‍යාධාර ලබන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා නව ණය ව්‍යාපෘතිය දියත් කිරීම ඉදිරියේ දී ක්‍රියාත්මකවන ණය ප්‍රතිව්‍යුගගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මත රඳා පවතිනු ඇතැයි කොළඹ ජපන් තානාපති කාර්යාලයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරරයි.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මූල්‍යකරණය කිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මේ සතියේ අනුමැතිය ලබා දුන්නේය.
මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබිණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය යහපාලන රජය සමයේදීය. කෙසේ වෙතත්, 2020 සැප්තැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ රජය එම ව්‍යාපෘතිය කිසිම සාධනීය පදනමකින් තොරව අහෝසි කළේය.
පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට උත්සාහ කළේය.
මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් ජපාන තානාපති කාර්යාලය පවසා ඇත්තේ විනිවිදභාවයෙන්, සමාන ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සියලු ණයහිමියන් සමඟ ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවට වැදගත් බවයි.
එබැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරමින් ණය ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේ කෙසේදැයි ජපානය අවධානයෙන් සිටින බව තානාපති කාර්යාලය පවසා ඇත.