කීර්ති ප්‍රනාන්දු –
බන්ධනාගාර රැඳවියන්ට දෑත් සේදීමට සේදුම්කාරක දියර වෙනුවට සබන් ලබා දීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.
ඒ අනුව මෙතෙක් කල් ලබාදුන් දෑත් සේදීමට යොදා ගන්නා සේදුම්කාරක දියර තහනම් කර ඇති බව ද පවසන මාධ්‍ය ප්‍රකාශක වරයා අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය මත අත් සේදුම් කාරක දියර රැඳවියන්ට ලබාදෙන බව කියයි.
ඉකුත්දා බන්ධනාගාර රැඳවියන්ට අත්සේදීම සඳහා දුන් සේදුම් කාරක දියර පානය කිරීමෙන් පසු ඉරාණ ජාතික රැඳවියන් දෙදෙනකු මිය ගිය අතර තවත් රැඳවියන් පිරිසක් දැඩි ලෙස රෝගාතුර වීම සැලකිල්ලට ගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.