පසුගිය වසරේ මැයි 9 වෙනිදා ගාලු මුවදොර ගෝඨාගෝ ගම සාමකාමී අරගලකරුවන්ට පහරදීම පිළිබඳ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන මේ සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විභාග සංග්‍රහයට අනුව දැනට ගොනු කර ඇති නඩුවේ සැකකරුවන් සංශෝධනය කර අධිකරණයට කරුණු ගොනු කරන ලෙස නීතිපති සංජයය රාජරත්නම් විසින් පොලිස්පතිවරයා වෙත සිය ලිපියෙන්ද තවදුරටත් දන්වනු ලැබ ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිස් දෙදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඔවුන්ට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙසේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබ තිබේ.
නීතිපතිවරයා, පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා වෙත මේ බව අප්‍රේල් මස 19 (ඊයේ) ලිපියකින් දැනුම් දෙනු ලැබ ඇති අතර එම ලිපියෙන් දැනට නඩු පවරා ඇති සැකකරුවන්ගේ ලැයිස්තුව ද ඉදිරිපත් කර ඇත.
ඒ අනුව 2022 මැයි මස 9 වැනිදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භුමියට පහර දුන් බවට සනාත වී ඇති හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, වසන්ත හඳපාන්ගොඩ, මහින්ද කහදගම ඇතුළු සැකකරුවන් තිස්දෙදෙනෙකු නම් කර ඇත.
එමෙන්ම නීතිපති සංජය රාජරත්නම් මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ ඉහත සැකකරුවන් විසින් කරන ලද වැරදි ක්‍රියාව නැවැත්වීමට නියොජ්‍ය පොලිස්මපති තෙන්ත්නකෝන් අසමත් වීම හෝ එය මඟ හැරීම කළ බවට සාක්ෂි ලැබී ඇති බවයි. කෙසේ වුව ද, මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටි හේවාදේවගේ මංජුල ප්‍රසන්න, වන්නකුවත්ත වඩුගේ රමේෂ් භානුක ප්‍රනාන්දු, කාරියවසම් කටුකෙලිය ගමගේ චමත් තිවංක හා විදානලගේ ඉනෝක නිශාන්ත ද මෙල් යන සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව නොමැති බැවින් ඔවුන් මෙම නඩුවෙන් බැහැර කරන ලෙස ද සඳහන් කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පනවා ඇති විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ද, නීතිපතිවරයා ඉල්ලීමක් කර ඇත.