2021 වර්ෂය සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය පෙර සැලසුම් කල පරිදි මේ මස , එනම් මැයි 23 වන දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් .එම්. ඩී . ධර්මසේන පවසයි.
විභාගය කල් දමා ඇති බවට පැතිර යන පුවත් අසත්‍ය බවත්, විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා සියලු වෘත්තීය සමිති නියෝජිතයින් ගෙන් ඉල්ලීමක් සිදු කරන බවත් විභාග කොමසාරිස් වරයා වැඩි දුරටත් පැවසුවේ ය.
ඉදිරි දින කීපය තුළ විභාග ප්‍රවේශ පත්‍ර බෙදා හරින ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් වරයා තැපැල්පති වරයාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍රය ලැබෙනු ඇත.
ඉදිරි දින කිහිපය තුළ විභාග ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ආරම්භ කරන අතර බාධාවකින් තොරව විභාගය පැවැත්වීම ගැන කොමසාරිස් ජෙනරාල්වරයා ශ්‍රී ලංකා පොලීසිය හා ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටී.
මේ පිළිබඳව සියලුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ ද මේ වනවිට සාකච්ඡා කර ඇත.
මෙසේ මැයි මස 23 වනදා පැවැත්වීමට සැලසුම් කරනු ලබන්නේ covid වසංගතය නිසා කල් දමන ලද 2021 වර්ෂයයේ සාමාන්‍ය පෙළ විභාගයය.