ලලිත් චාමින්ද
ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය විසින් මිලදිගෙන තිබු ටෙලි නාට්‍ය 21න් ටෙලි නාට්‍ය 13කින් රුපියල් පන්කොටි දහනව ලක්ෂ හැට හත් දහස් හත්සිය හැට නවයක් (5,19,67,769) අලාභයක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
2019 වර්ෂයේ දි ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය විසින් ටෙලි නාට්‍ය 21ක් මිලදි ගෙන තිබුණි. ඉහල ප්‍රමිතියකින් යුතු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගතහැකි ටෙලි නාට්‍ය විකාශයකර අලාභ මගහරවා ගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙහිදි ස්වාධීන රුපවාහිණි මාධ්‍යජාලයේ කළමණාකරණය අදහස් දක්වමින් සඳහන්කොට ඇත්තේ ටෙලි නාට්‍ය සඳහා ඇති තරකාරිත්වය මත පුද්ගලින නාලිකා සඳහා තරගකාරිත්වයක් ලබා දි ඇති බැවින් සෑම ටෙලි නාට්‍යයකින්ම ලාභ ලැබිය නොහැකි බවය.
කෙසේ වෙතත් රාජ්‍ය ආයතනයක් වශයෙන් වගකීම වන්නේ උසස් රසාස්වාදයක් ප්‍රේක්ෂක ජනතාවට ලබාදිමවන අතර ඉහළ ප්‍රමිතියකින් යුතු නාට්‍ය ලාභ නොලැබුවද විකාශනය කිරිමට සිදුවන බවය.