ස්කොට් තරුණියට සිදුකළ රාජ්‍ය බලපෑම ගැන ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන් ලියුමක්!

ශ්‍රී ලංකාවේ මහජන අරගලය පිළිබදව සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ අදහස් දක්වා තිබූ, ස්කොට්ලන්ත ජාතික Keileigh Fraser ට ශ්‍රී ලංකාවේ දී තුළ මුහුණපෑමට සිදු වූ සෑම සිදුවීමක් දෙසම ජාත්‍යාන්තර ප්‍රජාව අවධානයෙන් යුතුව බලා සිටින බවත්, සිද්ධියට මුහුණ පෑ ස්කොට්ලන්ත ජාතික තරුණිය වෙනුවෙන්    පෙනී සිටින ලෙසත් දන්වමින්  ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජික ෆොයොසෝල් චව්ද්‍රි විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන්ට ලිපියක් යොමු කර තිබේ.

Keileigh Fraser ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සහ රාජ්‍ය මර්ධනය සම්බන්ධ තොරතුරු  ලෝකයට  ප්‍රචාරණය  වුන බව ද මන්ත්‍රීවරයා දන්වා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් ඇය සිටින ස්ථානයට පැමිණ   හේතුවක් නොදන්වා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය අත්පත් කරගෙන ඇති බවත් ලෝකයේ කොතැනක සිටියත් තම රටේ වැසියන්ගේ මානව හිමිකම් රැකීම සඳහා පෙනී සිටින බවත් දන්වා සිටින ඔහු මේ සිද්ධියේ වත්මන් තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමට කාරුණික වන ලෙසද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියෙන් ඉල්ලීමක් කරයි.

එම ලිපිය පහත දැක්වේ.


මේ ලිපියත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ගෝඨාගෝගම“ අගලයට එක් වී යැයි විදේශ තරුණියකගේ ගුවන් ගමන් බලත්‍රය අත්අඩංගුවට ගනී…

 

Exit mobile version