වහාම ක්‍රියාත්මකවන පරිදි සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නව මුදල් ඇමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
පසුගිය දින කීපය තුළ විවිධ ක්ෂේත්රවලට අයත් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
ජීවන වියදම සීඝ්රයෙන් ඉහළ යමින් තිබියදී ඊට මුහුණ දීමට මෙම පියවර ගෙන ඇත.
සහන අයවැය සති හයක් ඇතුළත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවක වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කරන ලෙස විශේෂ ඉල්ලීමක් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.