මෙතෙක් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ දී අවශ්‍යතා හඳුනාගෙන ජනතාවට උපරිම සේවයක් ලබා දිය හැකි ආකරයට ප්‍රතිපාදන වෙන් වී නැති බවත් තමා මාස අටක් තිස්සේ කියන මේ කාරණාව තවදුරටත් ඉටු නොවන්නේ නම් මින් ඉදිරියට මේ කමිටු රැස්වීමට සහභාගී වන්නේ නැති බවත් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේ දී අද (27) පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම් අවස්ථාවේ දී ය
.
මෙහිදී නැගී සිටි මහාචාර්ය බණ්ඩාර තමන් අට මසක් තිස්සේ කරන ඉල්ලීම මෙතෙක් අවබෝධ වී නැති බවත්, මේ මුදල් ප්‍රතිපාදන වෙන්විය යුත්තේ මහජනතාවට උපරිම සේවයක් සැපයීමට විනා එකිනෙකා සතුටු කරගැනීමට නොවන බවත් කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කර්මාන්තවලට මුදල් වෙන් කිරීම යහපත් දෙයක්. ඒත් ඒ මුදල ඒ අංශවල අත්‍යාවශ්‍ය කාරණා සඳහා වෙන් කරන්න. අපි හරි සංවර්ධනයක් කරමු. බොරු කරලා මුදල් බෙදන්න එපා. ජනතාවට වැඩක් කරන තැන්වලට සල්ලි වෙන් කරන්න.“
“පොඩි උදාහරණයක් කියන්නම්. වෙලම්බඩ පොලිසියෙ සමහර කටයුතු කරන්නෙ පාරෙ ඉඳන්. කරන්න අවශ්‍ය දේවල් අපි කරන්නෙ නෑ. මුදල් වෙන්කිරීමට වඩා ඒ මුදලින් ඵලදායී දෙයක් මිනිස්සුන්ට දීමයි වැදගත්.
මේ සම්බන්ධීකරණ කමිටුවෙ වැඩ සිද්ධ වෙන්නෙ මේ විදිහට නම් මා ආයෙ මේ කමිටුවට සහභාගී වන්නෙ නෑ,..