නව ඇමති මැණ්ඩලය තෝරා පත් කරගැනීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඇමති ධුර සඳහා අපේක්ෂිත සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ඒ සඳහා ඉල්ලුම් කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
නව ඇමති මණ්ඩලය 30කට සීමා කිරීමට තීරණය කර තිබෙන අතර මේ වනවිට පනහකට ආසන්න පිරිසක් ඇමති ධූර අපේක්ෂාවෙන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි එම ආරංචිමාර්ග අනාවරණය කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන සුළු දේශපාලන පක්ෂවලට කැබිනට් ඇමති ධූරය බැගින් ද සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සංයුතිය අනුව එම පක්ෂවලට ඇමති ධූර ලබා දීමට ද, ඊට අමතරව සර්ව පාක්ෂික ආණ්ඩුවකට දේශපාලන පක්ෂ වශයෙන් එක් නොවන අදාල පක්ෂවල තීරණයට පටහැනිව පැමිණෙන අයට ඇමති ධූර දීමට ද මේ වනවිට යෝජනා වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය කඩිනමින් සමනය කර ඇමති ධූර ලබා දිය යුතු මන්ත්‍රීවරු නම් කර එවන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂ වෙත මේ වනවිට රජය දැනුම් දී ඇති බව ලංකාසරට වාර්තා වේ.
කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය සමනය කර ගැනීම සඳහා අභ්‍යන්තරයේ සාකච්ඡා පැවැත්වෙන බවත් එම සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි දින කීපය තුළ දී සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කරන බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.