බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ච් වොරන්ට් නෑ… වසමේ පොලිසිය දන්නේ නෑ… දේශබන්දු හොයන්න අපේ ගෙට පැනලා… ඉතින් දේශබන්දුට තියෙන්නෙත් මේ චෝදනාවමනෙ… කතරගම බස්නායක නිලමේ කියයි!

by editor
මාර්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට අධිකරණය මග හැර වරෙන්තු පිට සිටිනා රාජකාරිය තහනම් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා කතරගම බස්නාය නිලමේවරයාගේ 84 හැවිරිදි මෑණියන් සිටින මාලිම්බඩ නිවස සෝදිසි වරෙන්තුවක් නොමැතිව සිවිල් පිට පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් පරීක්ෂා කිරීම පිළිබඳ සිය බරපතල අප්‍රසාදය පල කරන බව කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසයි.

ඔහු පැවසුවේ මේ පරීක්ෂා කිරිම සම්බන්ධව තමන් මාලිම්බඩ පොලිසියෙන් විමසූ විට ඔවුන් ඒ ගැන නොදැන සිටි බවය. බස්නායක නිලමේවරයා පෙන්වා දෙන්නේ දේශබන්දු තෙන්නකෝනට ඇත්තේත් අදාල පොලිසි වසමේ පොලිසිය දැනුම්වත් නොකර පොලිස් කණ්ඩායමක් යෙදවීම පිළිබඳ චෝදනාවක් බවත් මේ සිදුවී ඇත්තේත් ඊට සමානම වරදක් බවය.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මාධ්‍ය අමතා මෙසේ ද පැවසුවේය.

“ඊයේ රෑ කරපු වැඩේ පුරවැසියෙක් විදිහට කළ ප්‍රශ්නයක්. මගේ අම්මට අවුුරුදු 84ක් වෙනවා. අම්මයි සේවකයින් දෙදෙනෙකුයි විතරයි ඉන්නේ ගෙදර. කිසිම සර්ච් වොරන්ට් එකක්වත් යුනිෆෝම් ඇඳගත් නිලධාරියෙක්වත් කවුරුවත් නැතිව සිවිල් පිරිසක් ඇවිත් තියෙන්නේ. ඉතින් ඔවුන් අතේ කිසිම නීත්‍යානුකූල ලිවිල්ලක් තිබුණෙ නෑ, ඔවුන්ගේ අනන්‍යතාවයවත් ඔවුන්ට එළිකරගන්න බැරි වුනා.”

“ඊට පස්සේ මාතර මාලිම්බඩ මගේ ගෙදර තියන කොට්ඨාසේ පොලිසියෙන් විමසුවාම ඔවුන් ඒ ගැන දැනුම්වත් නෑ. ඉතින් ඒ පාර පොලිසියේ නිලධාරීන් වාහනයකින් ගිහින් තිබුණා මගේ ගෙදරට. ඒ නිලධාරීන් තමයි මොවුන්ව හඳුනාගෙන තියෙන්නේ පොලිස් නිලධාරීන් හැටියට. සිවිල් නිලධාරීන්.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“ඊට පස්සේ අම්මගෙන් ප්‍රකාශයක් සටහන් කරන් තිබුණා ඔවුන් ඇවිත් අම්මට කරදර කළේ නෑ කියලා. අවුරුදු 84ක්වන අම්මට කරපු එ් කරදරයම ඇති. මොකද දවසට බේත් පෙති තිහක් විතර බොනවා.”

“ඒ වගේ වියෝවෘද කෙනෙකුට ඒ වගේ කරදර කරන එකම තමයි ප්‍රශ්නය.” බස්නායක නිලමේවරයා පැවසුවේය.

“මෙතන තියන ප්‍රශ්නය මේකයි. ගෙයක් පරීක්ෂා කළාට කිසිම ප්‍රශ්නයක් නෑ, නීත්‍යානුකූල නොවන විදිහට ගෙවල්වලට ගිහින් සර්ච් වොරන්ට් එකක් නැතිව යුනිෆෝස් ඇඳගත්තු නැති නිලධාරීන් ගිහින් මේ වගේ පරීක්ෂා කිරීම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක්.”

“අන්තිමට කියලා තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ඉන්නව ද බලන්න ආවා කියලා. ”

“ඉතින් දේශබන්දු තෙන්නකෝන් මහත්තයට තියෙන්නෙත් ඔය චෝදනාවමයි. එතුමා මාතරට ඕවගේම කණ්ඩායමක් පොලිසිය දැනුම්වත් නොකර යැව්වා කියන එක. ඒකම රිපීට් වෙනව. මේ රටේ පුරවැසියො විදිහට ඒක නොකර හිටියනම් හොඳයි කියන එක මම කියන්නෙ.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දුගෙන් අධිකරණයට රිට් පෙත්සමක්!

Next Post

විහාර දේවාලගම් පනත සංශෝධනය කර සංඝ සංස්ථාව විධිමත් කරගැනීමේ බලය මහානායක හිමිවරු ප්‍රමුඛ සංඝ සභාවට පවරනවා… ජනපති කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.