කිර්ති ප්‍රනාන්දු –
සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යාරෝපා සහ මැදපෙරදිග රටවල රැකියා සඳහා පැමිණීමේ දී බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත රැගෙන එන ලෙස කටාර් සහ සෞදි අරාබි රටවලින් දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පවසන්නේ එම රටවලට යෑමට සූදානමින් සිටින ශ්‍රමිකයින්ට හැකි ඉක්මනින් එම එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවය.
මේ වනවිට විදේශ රැකියාවන්ට පිටත්වීමට ශ්‍රමිකයින් 20000කට ආසන්න පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇති බත් එම පිරිසෙන් 8000ක් සඳහා මුල් අදියරේ දී ෆයිසර් එන්නත් ලබා දී ඇති බවත් හෙතෙම කීවේය.