කීර්ති ප්‍රනාන්දු –
අද දින සිට ක්‍රියාත්මක රජය මගින් ලබා දෙන රුපියල් දෙදහසේ රජය මගින් ලබා දෙන දීමනාව සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටියන්, සියවස් පූර්ණ හා ආබාධිත අයවලුන්ට ලබා නොදීමට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.
එහි සදහන්කර ඇති ආකාරයට රුපියල් 2000 දීමනාවනට සුදුසුකම් ලබන්නේ රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි පවුල් සදහා පමණක් බවය.
අදාල ප්‍රතිලාභ ගෙවීම අද (23) සිට ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී අවසන් බවත් පැවසේ.