මනම්පිටිය නිමල් ජයරත්න
රටේම සෞඛ්‍ය සේවා වර්ජනය කර ඇති පොදු කාරණාවලට අමතරව තම සේවාවන් සැපයීමට ලබාදුන් ඉන්ධන සොරකම් කර බව පවසමින් පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් අද (19 ) වෙනිදා පෙරවරුවේ පොළොන්නරු පොලිසියට සහ කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට එරෙහිව රෝහල ඉදිරිපිට විරෝධතාවක් නිරත වූහ,
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීමේදී පොලිසිය සහ සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවයින් සිදුකරන මෙම අසාධාරණයට එරෙහිව පොළොන්නරු මහරෝහලේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයින් පවසන්නේ තම සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලෙන් වෙන්කර ලද පෙට්‍රල් ලීටර් 2500ක් ප්‍රමාණයක් එම කළමනාකරු විසින් සොරා ගත් බවයි.
තම සෞඛ්‍ය සේවාවන් නිසි පරිදි සිදුකරගෙන යෑමට ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙසද විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලීමක් කළහ.
පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයින්න් සිදු කරන මෙම විරෝධතාවය නිසා පොලොන්නරුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.









