තමන්ට සමාව දෙන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක විසින් ජනාධිපතිවරයාට යවන ලිපියට අද ඔහු අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥවරයෙක් වන දිනේෂ් විදාන පතිරණ අද මාධ්‍යයට පැවසුවේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ඔහු වසර හතරක බරපතල වැඩ ඇතිව සිරදඬුවමකට යටත්ව සිටී.
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් පසුගිය දා ප්‍රකාශ කළේ රන්ජන් රාමානායක සිදුකර ඇත්තේ මිනී මැරුම් හෝ වෙනත් අපරාධ වරදක් නොව අධිකරණයට අපහාස කිරීමේ වරදක් බැවින් ඔහුට සමාව ලබා දීම අධිකරණ පද්ධතිය අවතක්සේරු නොවන අකාරයට සිදුවිය යුතු බවය.
ඒ සඳහා මුලින්ම ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවට තමන් නිර්දේශ කළ බව ද අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පැවසුවේය.