අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව මේ වනවිට රට පුරා විරෝධතා සහ උද්ඝෝෂණ මතුවෙමින් තිබෙද්දී ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විශේෂ ජනතා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
අණ බෙර ගසමින් දියත්කළ එම විරෝධය අත්පත්‍රිකා බෙදෙමින් ජනතාව දැනුවත් කළ එම සාමුහිකය ප්‍රකාශ කළේ මේ වනවිට ජනතාවට අදහස් පල කිරීමට ඇති එකම මාධ්‍ය සමාජ මාධ්‍ය බවත් එයට වාරණ පැනවීමට නව පනත් අනවශ්‍ය බවත්ය.
2007 අංක 56 දරන අන්තර්ජාතික සිවිල් හා දේශපාලනික පනත, 1883 අංක 02 දරන දණ්ඩනිති සංග්‍රහයේ පනත, 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනත, 1995 අංක 21 දරන පනත, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත 1927 අංක 4 දරන අසභ්‍ය පලකිරීම් ආඥා පනත වැනි පනත් රාශියක් පවතිද්දී මෙම නව පනතක අවශ්‍යතාවය කුමක් සඳහාදැයි ජනතාව තේරුම් ගත යුතු බව එම සාමුහිකව කීවේය.
ඔවුන් පැවසුවේ මේ ව්‍යසනය තේරුම් ගෙන සියලුම ජනතාව තම නියෝජිතයන්ට දැනුම් දීමක් කරන ලෙසත් මෙම පනතට අත ඔසවා යළි සිය ගම් රට පැමිණ තමන්ගේ ඡන්දය අපේක්ෂා නොකරන්නැයි දන්වන ලෙසත් ආර්ථික යුක්තය උදෙසා ජනතා සාමුහිකය අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.