ශ්‍රියානි විජේසිංහ –
සමාජ මාධ්‍ය භාවිත කිරිම හේතුවෙන් වසර 2024දී වයස අවුරුදු 18 අඩු දරුවන් 200ක් පමණ සිය දිවි නසාගෙන ඇති බව නිල නොවත් වාර්තාවන් පෙන්වා දෙන්නේ යැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න සඳහන් කරයි.
මෙම සංඛ්‍යාව වසර 2023 දී 113ක් යැයි තහවුරු කර ගන්නා ලද බවද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් සමාජ මාධ්‍ය පමණක් නොව ඩිජිටල් තාක්ෂණය වයස අවුරුදු 18ට අඩු දරුවන්ගෙන් ඈත් කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වන් එකතු කරගනිමින් විශාල කථිකාවක් ඇතිකළ යුතු බවත් ඔහු පවසා සිටියි.
ඩිජිටල් තාක්ෂණය දරුවන්ගේ යහපතට මෙන්ම අයහපතටද හේතුවක් වී ඇති බැවින් එය නිවැරදිව තෝරා බේරා ගනිමින් තහනම් කළ යුත්තක් බවද පැවසීය.
කෙසේ නමුත් ඇතැම් රටවල් සමාජ මාධ්‍ය ඇතුළ ඩිජිටල් තාක්ෂණය දරුවන්ගෙන් ඈත් කර ඇති බැවින් එම රටවල් අනුගමනය කල ක්‍රියාවන් පිලිබඳවද සිය ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ අවදානය යොමුව ඇති බවද ඒ පිලිබඳව අධ්‍යනය කර අවශ්‍ය වගකිවයුතු අංශ දැනුවත් කිරීමට කටයුතු කරන බවද වෛද්‍යවරයා කීවේය.







