පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයේ සිටිනා සම්පත් මනම්පේරි අද ( 21) බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.
මිද්දෙණියේ ඔහුට අයත් ඉඩමක වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සහිත ආගන්තුක ද්‍රව්‍ය සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා මෙසේ සම්පත් මනම්පේරි රැගෙනවිත් තිබිණි.
බස්නාහි උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන පැමිණි සම්පත් මනම්පේරිගෙන් පැය හතරකට අධික කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණු බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කර තිබේ.







