සමස්ත දුම්රිය සේවා පද්ධතියම බිඳවැටීමේ අවදානමක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන කාර්ය මණ්ඩලය අතර සීඝ්‍රයෙන් කොවිඩ්-19 ආසාදනය වෙමින් පවතින බැවින් සමස්ත දුම්රිය පද්ධතියම බිඳවැටීමේ අවදානමක් මතුවී තිබේ.

සමස්ථ දුම්රිය සේවාවම නැවැත්වීම මේ මොහොතේ සුදුසු බවට දුම්රිය වෘත්තිය සමිති යෝජනා කරන අතර අද (20) ඒ පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ වනවිට දුම්රිය සේවකයන් 597 දෙනකුට කොවිඩ්-19 වැළදී තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් මේ පිළිබඳ තීරනයක් ගැනීම සඳහා අද බොහෝ විට සාමාන්‍යාධිකාරීවරයා හමුවී දුම්රිය වෘත්තිය සමිති සාකච්ඡා කරනු ඇති අතර සියල්ලට පෙර සේවකයන් හා මගීන් ආරක්ෂා කළ යුතු බව දුම්රිය වෘත්තිය සමිති අවධාරණය කර සිටිති.

Exit mobile version