සමගි ජන බලවේගය ගත් ප්‍රගතිශීලී තීන්දුව ගැන විපක්ෂ නායක සජිත් කියයි.!

මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් සත්කාරක පාර්ශවයක් ලෙස මේ කටයුත්තට නීතිඥ සංගමයේ මැදිහත් වීම තමන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඔහු මේ අදහස් දැක්වීම කළේ අද පෙරවරුවේ හ්‍රි ලංකා නීතීඥ සංගමය සමඟ පැවසි සාකච්ඡාවේදීය.

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ විසි එක් වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බවද පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති විසි එක් වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ සජිත් ප්‍රේමදාස   ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.


පවත්නා අර්බුදයට ප්‍රමුඛතම හේතුව වන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය බව පැවසූ ඔහු එය වහාම අහෝසි කළ යුතු බවද පැවසුවේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මොහොතේ වැදගත් වන්නේ ඔටුනු හෝ තනතුරු පළඳවා ගැනීමට නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා වැදගත් වන්නේ සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බවද පැවසීය.ඒ වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා පැවසීය.

Exit mobile version