බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගකීම දෙවැනියට තබා වින්නඹුකමේ යන ජයවර්ධනපුර රෝහලේ සභාපතිගේ වගකීම් රහිත වැඩ නිසා රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය වැහෙන ලකුණු… රෝගී ජීවිතත් අනතුරේ…

by editor
ජනවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ස්වකීය රාජකාරිය දෙවැනි තැනට දමා කාසල් වීදිය කාන්තා රොහලේ උදේ 8 සිට සවස 4 දක්වා සේවයට යන ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්නගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් රොහලේ වකුගඩු සත්කාර ඒකකයේ රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දැමීමට සිදුවන තැනට පත් වී බවත්, ඊට ප්‍රධාන හේතුව එම ඒකකය පවත්වා ගැනීමට තරම් අවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දීමට නිශ්චිත ක්‍රියාවලියක් සභාපතිවරයා වශයෙන් ඔහු විසින් අනුගමනය නොකිරීම බවත් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

රුධිර කාන්දු පෙරණ සඳහා අවශ්‍යවන කෘත්‍රිම පෙරණ ප්‍රමාණවත් තරම් නොමැති තත්ත්වයක් තුළ හෙට පැමිණෙන රෝගීන්ට සත්කාර කිරිමත් ගැටලු සහගත බව පෙන්වා දෙන රෝහල් ආරංචි මාර්ග අදාල සැපයුම් ලබා ගැනීම සඳහා ඍජු තීන්දුවක් ගෙන ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමේ වගකීම හෝ මේ සභාපතිවරයා නොගැනීම බරපතල අවුලක් බව පෙන්වා දෙයි.    රෝහල් කාර්ය මණ්ඩලය   පෙන්වා දෙන්නේ  මේ විශ්වාස කළ නොහැකි නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්වනවා පමණක් නොව,  රෝගීන්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවී මේ අවදානමක් ද මතුව ඇති බවය.

මෙම ගැටලුව සති ගණනක සිට දැන්වූව ද සභාපතිවරයා කාසල් රෝහලේ ප්‍රතිකාර කර රෝහලට පැමිණෙන්නේ හවස 4ට බවත්, සවස 4 වනවිට අනෙක් කාර්ය මණ්ඩල සේවය අවසන් වී පිටවන තත්ත්වයක් තුළ ඔහු සිය සියලුම පරිපාලන කටයුතු හත්පොලේ ගාගෙන ඇති බවත්ය. වැඩ බලන සභාපතිවරයා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ද කටයුතු කිරීමට සිදුව ඇති බැවින් ඔහුගෙන් ද රෝහල් සභාපතිවරයෙකුගේ වගකීම ඉටු නොවන බව වාර්තා වේ. මේ තත්ත්වය තුළ ජයවර්ධනපුර මහ රෝහල වැනි ආයතනයක් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි ඔවුහු විමසති.

රුධිර කාන්දු පෙරණ ඒකකය පමණක් නොව, රෝහලේ සියලුම වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති බවත්, රෝහලේ විනය බරපතල ලෙස බිඳ වැටෙමින් ඇති බවත්   රෝහල තුළ සිදුවන්නේ කුමක්දැයි සභාපතිවරයා නොදන්නා බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග  අපට පැවසුවේ රෝහල පරිපාලනය කිරීම වෘත්තීය සමිතියකට සම්බන්ධ විදුලි කාර්මිකයෙකු මුල් වී සිදුකරන ආකාරය පෙනී යන බවය.

සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සමීප හිතවතෙක් බව කියන විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්නට ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරය ලබා දෙන අතරම ඔහුව කාසල් වීදිය කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පත්කිරීම වෛද්‍ය වෘත්තිකයින් අතර දැඩි විරෝධයකට හේතු වූයේය. සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑමෙන් ජයංග තිලකරත්න කාසල් වීදිය කාන්තා රෝහලට පත් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්මත වාර්ෂික මාරුවීමේ පටිපාටිය උල්ලංඝණය කරමිනි. මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ද සිය බරපතල විරෝධය පළ කර තිබිණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඛේදවාචකය වන්නේ සෞඛ්‍ය ඇමතිවරයා මේ කිසිම විරෝධයක් නොසලකන උද්දච්ඡ හැසිරීමක් ප්‍රකට කරමින් සිය ගජ මිතුරා ආරක්ෂා කිරීම බව වෛද්‍ය ක්ෂේත්‍රයේ කතා බහට ලක් වී තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත හැඩය රූපණය කරමින් ජාතික සම්පතක් ලෙස සංවර්ධනය වෙමින් පැවතුන ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ සොහොන් ලකුණු පෙන්වීමට ජාතික ජන බලවේග ආණ්ඩුවේ උද්දච්ඡ දේශපාලකයින්ට ලයිෂන් දී නැති බවත් මේ තත්ත්වය ජාතික ජන බලවේගය රජයකින් කිසිසේත්ම අපේක්ෂා නොකළ  බවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සෞඛ්‍ය සේවකයෝ පවසති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කිසිම චීන විරෝධී කටයුත්තකට ශ්‍රී ලංකා භූමිය භාවිතයට ඉඩ දෙන්නේ නෑ….  චීනයේම භූමියක් වූ තායිවානයේ ස්වාධීනත්වයට දැඩිව එරෙහි වෙනවා… ජනපති චීන රජයට සපථ වෙයි…

Next Post

ජනපතිගේ චීන රාජ්‍ය සංචාරය අදින් අවසන්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.