සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකිණීමේ අදහසක් නැති බවත් විකිණීමේ අදහසක් ඇති කරගත්තත් අවුරුදු 52ක් පැරණි තාක්ෂණයක් සහිත මේ පිරිපහදුව මිලදී ගන්නට කෙනෙක් ඉදිරිපත් වන්නේත් නැති බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිංහ විසින් ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
“අපි පිරිපහදුව වහන්නෙ උපරිම වශයෙන් දින 50කට. හැකි ඉක්මනින් එය විවෘත කරනවා. ඇමතිවරයා කීවේය.“
මේ වනවිට බදු වශයෙන් ලංකා ඩීසල් ලීටරයකට රුපියල් 14ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 38ක්, පෙට්රල් 92 ලීටරයකට රුපියල් 42ක්, පෙට්රල් 95 ලීටරයකට රුපියල් 65ක් ලෙස බදු අයකරන බව ද පාර්ලිමේන්තුවේ දී කියැවිනි.
වසරේ මාස 06 තුළ ඉන්ධන මිල වැඩි නොකළ එකම රට ශ්රී ලංකාව බවත් මිල සංශෝධනයක් නොවුණු නිසා අත්වුණු පාඩුව රුපියල් කොටි 700ක් බවත් ඇමතිවරයා කීවේය.