අද (22) පස්වරු 2න් පසු විදුලි උත්පාදනය සදහා අවශ්‍ය දැවි තෙල් ඉවරවීමත් සමග සපුගස්කන්ද විදුලි බලාගාරය අක්‍රීය වීමට නියමිතව ඇති බැවින් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පස්වරුවේ දී බව විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි උත්පාදනය සඳහා සපුගස්කන්ද බලාගාරයේ පවතින දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ තවත් පැය කිහිපයක් සඳහා පමණක් බැවින් දැවි තෙල් ලබා දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇතැයි එම මණ්ඩලය පෙන්වා දෙයි.
දැවී තෙල් ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔවුන් කියයි.
මේ වනවිට විදුලි උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් මේ වනවිට ලබා දී ඇත. .