ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවා ඇත. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා සියලුම මැති ඇමතිවරුන්ට මෙම රැස්වීමට සහභාගීවන ලෙස දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගී වන මෙම රැස්වීමේ දී රටේ උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී අවස්ථාව ගැන සාකච්ඡා කිරීමට නියමිතය.
දැනට හිඟව පවතින ඉන්ධන ගෑස් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් ගෙන්වා ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කරනු ඇත.
මීට අමතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය සහ එහි ඉදිරි පියවර පිළිබඳව ද මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී වැඩි අවධානයක් යොමු කිරීමටත් අදහස් ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.