චීනයෙන් ගෙන්නූ අසූචි පොහොරෙන්, නැනෝ පොහොරෙන් රටට වී ඇති පාඩුව පොහොර කටයුතු භාර අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අයකරගන්නා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් ඇය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කියාසිටියේ ‘ස්වාමියා වෙනුවෙන් කැපවුණාට කමක් නෑ ස්වාමියාගේ අයියගේ පුතා හොරා නම් බිරුවට කමක් නෑ.” යනුවෙනි.
පොහොර ප්‍රශ්නයේදී සිදුවූ වංචාවට හේතුවූ පුද්ගලයා මැතිසබයට හෙළිකරන ලෙස ද ඇය කියාසිටියා ය.
“මේ අයවැය සම්පූර්ණයෙන්ම ඇස්බැන්දුමක්. මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක්. ජාතික සැලසුම් නැති දේශපාලකයන්ට මුදල් බෙදන අයවැයක්.
දැන් බලන්න මේ රජය දේශපාලන නිදහස ආරක්ෂා කළා ද ? ආසන්නතම උදාහරණය තමයි 16 වෙනිදා සමගි ජන බලවේගය පවත්වපු විරෝධතාවය. ඒකට බය වුණා මර්දනය කළා. කරල කොවිඩ් පොකුරු හැදෙනවා කියලා කිව්වා. ඊයේ සඳහිරුසෑය උත්සවයේදී කොවිඩ් පොකුරු හැදෙන්නේ නැද්ද ? එතන ලොකු ජනකායක් හිටියා. එතකොට ඊයේ සඳහිරුසෑය දී කොවිඩ් තිබුණා නම් ඒ කොවිඩ් වයිරස් එක සිල් අරන් ද තිබුණේ? මිනිස්සුන්ට යන්නේ නැතුව.
ඊළඟට බලන්න දේශ සීමා නිදහස් ආරක්ෂා වෙලා තියෙනවා ද? අසූචි නැව රට වටේ කැරකෙනවා අද එක තැනක හෙට තව තැනක අනිද්දා තව තැනක අධිකරණයේ තහනම් කරපු අසූචි නැව අද එක තැනක. හෙට ලංකාවෙන් තවත් ආසන්න තැනක තියෙනවා. අද උසාවිය පැවැත්වෙන බේරුම්කරණයකට රජය එකඟ වෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. අසූචි නම් අසූචි ම තමයි. ආයෙ එකේ මොකක්ද ඒකේ බේරුමක් මොකක්ද ඒකෙ තියෙන්නෙ. තියෙන ගානක් දීලා චීනයටම යවනවා මිසක ඊට එහා බේරුමක් නෑ.
මේ රටේ විනාශයෙන් බේරගන්න ඕන පාඩුව පොහොර ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගෙන් අය කරගන්න. මොකද අසූචි චීනයෙන් නැනෝ පොහොරෙන් හොරාකාපුවා කොමිස් ගහපුවා එයා ළඟ තියෙනවා. ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රවෘත්තිවලින් කිව්වා මේකට මම සම්බන්ධ නැහැ. වංචාවක් තියෙනවා කියලා. අපට පැහැදිලිව පේනවා $3 ට තියන පොහොර එක $12.5 ට ගෙනාව බව පිළිගන්නවා. අපි දැන් ඒක 10 ට අඩු කරන්න යනවා කියනවා. ඇතුලෙත් ඩොලර් හතක් වැඩියි. මිලිලීටර් 500 රු.2500 වගේ ගානකට ගෙනාවා කියන එක කුල වංචාවක් තමයි සිදුවෙලා තියෙන්නේ එතුමා පොහොර ගෙන එකට සම්බන්ධ නෑ පොහොර ලේකම් කාර්යාලය තමයි මේකට සම්බන්ධ කිව්වා. ඒ දෙන තොරතුරු තමයි කියන්නේ කිව්වා. එතකොට හොරා කවුද? ශෂීන්ද්‍ර රාජපක්ෂ ද ? මේක එළියට එන්න ඕන. මේ පොහොර හොරා කෑවේ කවුද? මේවයින් කොමිස් ගත්තෙ කවුද කියන එක මේ සභාවට හෙලි කරන්න මම ගරු ඇමතිතුමාට කියනවා.
අපි කලින්ම කිව්වම වංචාවක් වෙලා තියෙනවා කියලා අපිට අභියෝග කලා. මං ඒ අභියෝගය කරපු සියලුම සියළුම පිංවතුන්ට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි දන්නවා මහින්දානන්ද ඇමතිතුමා කාලයක් කිව්වා ඇල්ෂේශන් කතාවක් මට මතකයි. ඉස්සර ඉතිහාසයේ කාලෙක කිව්වා. ස්වාමියා වෙනුවෙන් කැපඋනාට කමක් නෑ. ස්වාමියාගේ අයියගේ පුතා වෙනුවෙන් හොරාව හංගන්න ඕන නෑ. හොරා නම් ස්වාමියාගේ අයියගේ පුතා බිරුවට කමක් නෑ. රටේ ජනතාව එතුමාට දොස් කියන්නේ නෑ කියලා මම මේ වෙලේ කියනවා. අද මහින්දානන්ද ඇමති තුමාට සිද්ධවෙලා තියෙන්නේ සිරිසඟබෝ වෙන්න. තමන් නොකරපු වරදක් නම් අනුන් ආයෙ රකින්න ගිහිල්ලා එතුමාට එතුමාගේ බෙල්ල දෙන්න සිද්ධවෙලා තියනවා කියන එක මේ වෙලාවේ බොහොම කණගාටුවෙන් මතක් කරනවා.” යැයි ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.