බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳහිරු සෑයේ කොවිඩ් වෛරසය සිල් අරන් ද? පොහොර හොරාකෑවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ද?

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයෙන් ගෙන්නූ අසූචි පොහොරෙන්, නැනෝ පොහොරෙන් ‍රටට වී ඇති පාඩුව පොහොර කටයුතු භාර අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අයකරගන්නා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් ඇය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කියාසිටියේ ‘ස්වාමියා වෙනුවෙන් කැපවුණාට කමක් නෑ ස්වාමියාගේ අයියගේ පුතා හොරා නම් බිරුවට කමක් නෑ.” යනුවෙනි.

පොහොර ප්‍රශ්නයේදී ‍‍සිදුවූ වංචාවට හේතුවූ පුද්ගලයා මැතිසබයට හෙළිකරන ලෙස ද ඇය කියාසිටියා ය.

“මේ අයවැය සම්පූර්ණයෙන්ම ඇස්බැන්දුමක්. මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක්. ජාතික සැලසුම් නැති දේශපාලකයන්ට මුදල් බෙදන අයවැයක්.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

දැන් බලන්න මේ රජය දේශපාලන නිදහස ආරක්ෂා කළා ද ? ආසන්නතම උදාහරණය තමයි 16 වෙනිදා සමගි ජන බලවේගය පවත්වපු විරෝධතාවය. ඒකට බය වුණා මර්දනය කළා. කරල කොවිඩ් පොකුරු හැදෙනවා කියලා කිව්වා. ඊයේ සඳහිරුසෑය උත්සවයේදී කොවිඩ් පොකුරු හැදෙන්නේ නැද්ද ? එතන ලොකු ජනකායක් හිටියා. එතකොට ඊයේ සඳහිරුසෑය දී කොවිඩ් තිබුණා නම් ඒ කොවිඩ් වයිරස් එක සිල් අරන් ද තිබුණේ? මිනිස්සුන්ට යන්නේ නැතුව.

ඊළඟට බලන්න දේශ සීමා නිදහස් ආරක්ෂා වෙලා තියෙනවා ද? අසූචි නැව රට වටේ කැරකෙනවා අද එක තැනක හෙට තව තැනක අනිද්දා තව තැනක අධිකරණයේ තහනම් කරපු අසූචි නැව අද එක තැනක. හෙට ලංකාවෙන් තවත් ආසන්න තැනක තියෙනවා. අද උසාවිය පැවැත්වෙන බේරුම්කරණයකට රජය එකඟ වෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. අසූචි නම් අසූචි ම තමයි. ආයෙ එකේ මොකක්ද ඒකේ බේරුමක් මොකක්ද ඒකෙ තියෙන්නෙ. තියෙන ගානක් දීලා චීනයටම යවනවා මිසක ඊට එහා බේරුමක් නෑ.

මේ රටේ විනාශයෙන් බේරගන්න ඕන පාඩුව පොහොර ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගෙන් අය කරගන්න. මොකද අසූචි චීනයෙන් නැනෝ පොහොරෙන් හොරාකාපුවා කොමිස් ගහපුවා එයා ළඟ තියෙනවා. ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රවෘත්තිවලින් කිව්වා මේකට මම සම්බන්ධ නැහැ. වංචාවක් තියෙනවා කියලා. අපට පැහැදිලිව පේනවා $3 ට තියන පොහොර එක $12.5 ට ගෙනාව බව පිළිගන්නවා. අපි දැන් ඒක 10 ට අඩු කරන්න යනවා කියනවා. ඇතුලෙත් ඩොලර් හතක් වැඩියි. මිලිලීටර් 500 රු.2500 වගේ ගානකට ගෙනාවා කියන එක කුල වංචාවක් තමයි සිදුවෙලා තියෙන්නේ එතුමා පොහොර ගෙන එකට සම්බන්ධ නෑ පොහොර ලේකම් කාර්යාලය තමයි මේකට සම්බන්ධ කිව්වා. ඒ දෙන තොරතුරු තමයි කියන්නේ කිව්වා. එතකොට හොරා කවුද? ශෂීන්ද්‍ර රාජපක්ෂ ද ? මේක එළියට එන්න ඕන. මේ පොහොර හොරා කෑවේ කවුද? මේවයින් කොමිස් ගත්තෙ කවුද කියන එක මේ සභාවට හෙලි කරන්න මම ගරු ඇමතිතුමාට කියනවා.

අපි කලින්ම කිව්වම වංචාවක් වෙලා තියෙනවා කියලා අපිට අභියෝග කලා. මං ඒ අභියෝගය කරපු සියලුම සියළුම පිංවතුන්ට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි දන්නවා මහින්දානන්ද ඇමතිතුමා කාලයක් කිව්වා ඇල්ෂේශන් කතාවක් මට මතකයි. ඉස්සර ඉතිහාසයේ කාලෙක කිව්වා. ස්වාමියා වෙනුවෙන් කැපඋනාට කමක් නෑ. ස්වාමියාගේ අයියගේ පුතා වෙනුවෙන් හොරාව හංගන්න ඕන නෑ. හොරා නම් ස්වාමියාගේ අයියගේ පුතා බිරුවට කමක් නෑ. රටේ ජනතාව එතුමාට දොස් කියන්නේ නෑ කියලා මම මේ වෙලේ කියනවා. අද මහින්දානන්ද ඇමති තුමාට සිද්ධවෙලා තියෙන්නේ සිරිසඟබෝ වෙන්න. තමන් නොකරපු වරදක් නම් අනුන් ආයෙ රකින්න ගිහිල්ලා එතුමාට එතුමාගේ බෙල්ල දෙන්න සිද්ධවෙලා තියනවා කියන එක මේ වෙලාවේ බොහොම කණගාටුවෙන් මතක් කරනවා.” යැයි ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනී මැරුම් 04ක සැකකරුවෙක් වූ ආමි අමිල අත්අඩංගුවට…

Next Post

ජනපති ජය සිරි මහා බෝ සමිඳු වැඳ පුදා ගනී…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.