බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සනත් නිශාන්තගේ වාචාල කට අධිකරණයට අපහාස කරලා… කොටුව මහේස්ත්‍රාත්ගෙන්  විමර්ශන නියෝගයක්…

by editor
අගෝස්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇත්දැ යි සොයා බලා වහා ම තමාට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

මහේස්ත්‍රාත්වරයා එම නියෝය කර ඇත්තේ ඊයේ (24) දිනයේ දී මැයි නව වැනි දින කොළඹ ගාලූ මුවදොර පැවති   විරෝධතා ව්‍යාපාරයට පහර දීම සම්බන්ධයෙන්  ගොනු  වී ඇති නඩුව කැඳවූ අවස්ථාවේ දීය.

එහි දී අරගළකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සිය දේශනයේ දී සඳහන් කළේ, උසාවි වැඩ කටයුතුවලට බලපෑම් සිදු වන ආකාරයේ ‍ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙසට විත්තිකරුවන්ට දැනුම් දී ඇති පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍ය හමුවක් කැඳවා නීතිඥයන් සහ ඇතැම් විනිසුරුවරුන් අරගළකරුවන්ට පක්ෂපාතී ලෙස කටයුතු කරන බවට ප්‍රකාශ කළ බව යි.

මෙහි දී මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා ජනාධිපති නීතිඥවරයා අදාළ හඬ පටය ඇතුළත් වීඩියෝවක් ද ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දුන්නේ, අදාළ මාධ්‍ය හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සිදු කළ ප්‍රකාශයන් හරහා අධිකරණයට හෝ එහි ක්‍රියාකාරීත්වයට යම්කිසි අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බැලීම සඳහා වහා ම පියවර ගන්නා ලෙස ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ සඳහා එම මාධ්‍ය හමුවේ සංස්කරණය නො කළ වීඩියෝ පට පරිශීලනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහ මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන වහා ම අධිකරණයට බාර දෙන ලෙසටත් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එමෙන්ම මීට පෙර සිදු කළ එම නියෝගයට අනුව ජංගම දුරකථන අධිකරණයට භාර නො දීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළ කොටුව මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවවාදයක් ද සිදු කරමින් කියා සිටියේ, අධිකරණ නියෝගයන්ට සහ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට සහයෝගය ලබා නො දෙන්නේ නම්, ඇප අවලංගු කර නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිදුකළ ප්‍රකාශ ඉල්ලා අස්කරගෙන රන්ජන් අධිකරණයෙන් සමාව ගනී…

Next Post

ජනාධිපති සමාවෙන් එළියට එන රන්ජන් එජාපය සමග දෙශපාලන ගමනකට සූදානම්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.