‘ව්‍යාජ ඇතුළත් කිරීමේ ලිපි දීමනා’ හේතුවෙන් කැනඩාවේ සිටින ඉන්දීය සිසුන් සීයකට ආසන්න සංඛ්‍යාවක් එරටින් පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුණ පා සිටින බව වාර්තාවක් සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ අද්‍යාපනය ලබා ගැනීමේ පරමාර්ථයෙන් කැනඩාවට පැමිණි සිසුන් රැවටූ වැරදි පාර්ශවයන්ට මිසක සිසුන්ට දඬුවම් ලබා දීම අසාධාරණ බවයි. එම සිසුන් වෙනුවෙන් සාධාරණයක් කරන්න යැයි ඉන්දියාව දිගින් දිගටම ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවේ මෝදි රජයේ වසර නවය’ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
“කැනේඩියානුවන් පවසන ආකාරයට දැන් කාලෙක ඉඳන්, ඉගෙනීමට පැමිණි සිසුන් ඉගෙනීම සඳහා විද්‍යාලවලට සම්බන්ධ නොවී රැකියා බලපත්‍රවලට ඉල්ලුම් කරනවා.. එතකොට ඔවුන් අපහසුවට පත් වෙනවා.. මේ සිද්ධීයේදී මුල ඉඳලම අපි ගන්නේ සද්භාවයෙන් ඉගෙනීමේ යෙදෙන සිසුන්ගේ පැත්ත.. ඒ විදියට ඉගෙනීමේ යෙදෙන සිසුන් නොමඟ යවපු අය ඉන්නවා නම් එම වැරදිකාර පාර්ශවය්නට එරෙහිව ක්‍රියා කළ යුතුයි.. නිසි පරිදි අධ්‍යාපනය ලැබූ කිසිම සිසුවෙකු දඬුවම් ලැබීම අසාධාරණයි..” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.