සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීමට භාර දෙන්නේ නම්, රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ගෞරවාන්විතව සමුගැනීමේ වේදිකාව සැකසීමට තමාට හැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
මෙමඟින් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින අර්බුදය විසඳීමට ද හැකි වන බව හෙතෙම පෙන්වා දෙයි.
අගෝස්තු 20 වැනිදා නම වැනි පාර්ලිමේන්තුව යළි ඇරඹීමෙන් පසු මෙම කර්තව්‍යය සිදුකළ හැකි බව තමා පෞද්ගලිකව විශ්වාස කරන්නේ යැයි තිස්ස අත්තනායක මහතා පවසා තිබේ.