සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ යූඑන්පී සහ පොහොට්ටුවේ ඇතැම් දේශපාලන ප්‍රබලයින් රටේ පාතාල කල්ලි 10ක් සමග සම්බන්ධයි… ඉදිරියේ නම් ගම් හෙළි කරන බව මහජන ආරක්ෂක ඇමති කියයි!

by editor
මැයි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමග පොහොට්ටුවේ, සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල දේශපාලකයින් සම්බන්ධතා පවත්වන බව බුද්ධි අංශ තොරතුරු වලින් හෙළිවන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (20)පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

බුද්ධි අංශ උපුටා දක්වමින් ඔහු පැවසුවේ පාතාල අපරාධ මර්ධනය කරීමට මේ තත්ත්වයත් යම් බාධාවක් ඇති කර තිබෙන බවය.

මේ තත්ත්වයන් සම්බන්ධව පොලිස් විමර්ශනයක් කිරීමෙන් පසු පාතාලය සමග ඉන්නා දේශපාලකයින් කවරෙක්දැයි පාර්ලිමේන්තුවට හෙළිදරවු කරන බව ද ඇමතිවරයා කීවේය.

අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාතාල මරගැනිම් ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇති ආකාරය සම්බන්ධව 27/2 ස්ථාවර නියෝගය යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ  දේශපාලඥයන් වගේම හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ප්‍රාදේශීය මට්ටමින් හිටපු සහ දැනට ඉන්න ප්‍රබල දේශපාලන චරිත ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමග ඍජු සම්බන්ධතා පත්වන බවට බුද්ධි තොරතුරු අනාවරව්‍ය කරනවා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“ඒ පිළිබඳව මේ වනවිට විමර්ශනයක් කරනවා. මේ තත්ත්වයත් මේ අපරාධ වර්ධනයට බලපාලා තියනවා කියලා බුද්ධි අංශ වාර්තා කරලා තියනවා. මේ සම්බන්ධව විමර්ශනය කරලා ඔවුන් අත් අඩංගුවට ගන්න මේ වනවිට කණ්ඩායම් යොදවලා තියනවා. ”

එමෙන්ම පාතාල මර්ධනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් ද ඇමතිවරයා විසින් සිදුකළේය. පාතාල ක්‍රියාකාකම් සඳහා යොදා ගන්නා හමුදාවෙන් පලා ආ පිරිස් අත් අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් මේ වනවිට තුන් දහසකට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බවත් පැවසූ ඇමතිවරයා පාතාලයේ ගිනි අවි 1278ක් පොලිසිය භාරයට ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය. ඇමතිවරයා කීවේ හමුදා කඳවුරුවලින් පවා ගිනි අවි පාතාල කණ්ඩායම් වෙත ලැබී ඇති බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි පිලිබඳව විධිමත් පරික්ෂණ ආරම්භ කර සැකකරුවන් 216ක් අත් අඩංගුවට ගෙන ඇති බවත් මේ වනවිට අපරාධ වැඩි වශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස 52ක් හඳුනාගෙන ඇති බවත් කී ඇමතිවරයා එම පොලිස් කොට්ඨාස ආවරණය කරමින් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා ඇති බව ද කීවේය.

දිවයින පුර මත්ද්‍රව්‍ය විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම, පොලිස් මෙහෙයුම් වැඩි කිරීම, අපරාධකරුවන් සම්බන්ධ දත්ත යාවත්කාලීන කිරීම, ඒ සඳහා තාක්ෂණය යොදා ගැනීම, විදේශගතව සිටින අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම, නාවික හමුදාව හා එක්ව රට වටා සමුද්‍ර ආරක්ෂාව තරකරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම වැනි විශේෂ මෙහෙයුමක රජය සිටින බව ද ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේය.

පාතාල කල්ලි අතර සිදුවන මරා ගැනීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් ඇමතිවරයා පැවසුවේය. ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනවාරි සිට මැයි 18 දක්වා රියදුරු බේබද්දන් 26,413ක් අත් අඩංගුවට අරන්… මාර්ග අනතුරු අවම කිරීම පොලිසියට විතරක් කරන්න බෑ… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Next Post

දෙමළ ජන සංහාරක ස්මාරකය සම්බන්ධව කැනඩා රජයට දැඩි රාජ්‍ය තාන්ත්‍රික විරෝධය දැක්වූ හැටි ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.