සජබ අවුලක… සර්ව පාක්ෂික ආණ්ඩුවට ගියොත් පක්ෂය දෙකඩ වන ලකුණු!

සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැමැත්ත ප්‍රකාශ කළහොත් සමගි ජන බලවේගය දෙකඩ වීමේ අවධානමක් පැන නැගී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ මත ගැටුම ඇතිවන්නේ  සර්ව පාක්ෂික ආණ්ඩුවකට සමගි ජන බලවේගය   එකතු වී ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය රට වෙනුවෙන් ලබා දීම සිදුකර කඩා වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමට කටයුතු කළ යුතුව ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නායකත්වය දැනුවත්  කිරීමෙන් පසුවය.

මේ අවස්ථාවේ දී  පක්ෂයේ නියෝජ්‍ය නායක සරත් ෆොන්සේකා, අශෝක් අබේසිංහ ඇතුළු පිරිසක්  සර්ව පාක්ෂික අණ්ඩුවට එරෙහි මතයක් ඉදිරිපත් කර තිබේ.

මේ තත්ත්වය තුළ නිශ්චිත කාල රාමුවකින් තොර, අන්තර්වාර පාලනයක් පිළිබඳ අදහසක් නොමැති මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතුවන්නේ නම් සජබ මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීන වීමට සූදානම් බව  අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.


මේ වනවිට සර්ව පාක්ෂික රජයට එරෙහි මන්ත්‍රීවරුන් කණ්ඩායම හමු වී ඉදිරි පියවර සම්බන්ධව    දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති  බවත් දැනගන්නට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජන බලවේගය තුළ නිර්මාණය වී ඇති මෙම මත ගැටුම නිරාකරණය කිරීම සඳහා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (9) පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබේ.

 

Exit mobile version