මීලඟ මැතිවරණ ඉලක්ක කරගෙන පුළුල් දේශපාලන දැක්මකින් යුත් ජාතික බලවේගයක් ගොඩ නැගීම සඳහා ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක තීරණය කර ඇත.
ඉදිරියේ දී එළඹෙන පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ යන මැතිවරණ දෙකම ජයග්‍රහණය කිරීම විපක්ෂයේ අරමුණ විය යුතු බවත්, ඒ සඳහා සමගි ජන බලවේගයේ චන්ද පදනම ප්‍රමාණවත් නොවන බැවින් නව ජාතික බලවේගයක් ගොඩ නැගිය යුතු බව චම්පික රණවකගේ ස්ථාවරය වී තිබේ.
මේ අනුව නව ජාතික බලවේගය සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සියලු ම බලවේග ඒකරාශී කිරීම සඳහා චම්පික රණවක මේ වනවිට සැලසුම් කර තිබේ.
දේශපාලන පක්ෂ අතර පවතින මත ගැටුම් සමනය කර සියලුම පක්ෂ හා සංවිධාන එකම ජාතික බලවේගයක් වටා ගොනු කරගැනීමට චම්පික රණවක මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කරන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.