අද සවස 7ට පූනේ හි දි පැවැත්වෙන ඉන්දියා – ශ්‍රි ලංකා දෙවැනි විස්සයි 20 තරගය ඇතුළු තරගාවලියේ ඉදිරි තරගවලින් ඉන්දීය කඩුළු රකින ක්‍රීඩක, ප්‍රහාරක පිතිකරු සංජු සැම්සන් ඉවත් කර තිබේ.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගය අතරතුරදී හතරේ සීමාව අසල පන්දුවක් රැකීමට උත්සාහ කිරීමේදී සැම්සන්ගේ වම් දණහිසේ ආබාධයක් ඇති වී තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම විසින් අද පස්වරුවේ මුම්බායිහිදී ඔහු ස්කෑන් පරීක්ෂණයකට සහ විශේෂඥ මතයක් සඳහා යොමු කර තිබිණි. එහිදී සංජු සැම්සන්ට විවේකය සහ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට උපදෙස් දී ඇත.
සමස්ත ඉන්දීය ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව සංජු සැම්සන් වෙනුවට ජිතේෂ් ෂර්මා නම් කර තිබේ.
අයිපිඑල් තරගාවලියේ පන්ජාබ් කණ්ඩායමෙ කඩුළු රකින්නා වූ ෂර්මා විස්සයි 20 ක්‍රිකට් වල 147.93 ප්‍රහාරක වේගයක් වාර්තා කර ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 30 ට වඩා වැඩිය.
ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා ඉන්දියාව යාවත්කාලීන කළ සංචිතය මෙසේය.
හර්දික් පාණ්ඩ්‍යා ( නායක) ඉෂාන් ක්‍රිෂාන් ( කඩුලු රකින ක්‍රීඩක) ඍතුරාජ් ගයික්වාඩ්, ෂුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදේව්, ( උප නායක) දීපාක් හූදා, රාහුල් ත්‍රිපති, ජිතේෂ් ෂර්මා ( කඩුලු රකින ක්‍රීඩක), වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, අක්සාර් පටෙල්, අර්ෂ්දීප් සිං, හර්ෂාල් පටෙල්, උම්රාන් මලික්, ෂිවම් මාවි, මුකේෂ් කුමාර්