අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සංගා බබා ද?.

මයිලත්තෑව ඉඩම් ගනුදෙනුවේ මුල මැද අග...

by editor
මාර්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුචී දෙවළපල –

කුමාර් සංගක්කාර හා යහළි සංගක්කාර මුල් කරගත් සීගිරිය ඉඩම් කොල්ලය පිළබඳව කථිකාව රට මොහොතකට තිගැස්සුවේය. කූඨ ලේඛණ සකසා යහළි සංගක්කාරගේ නමට ඔත්පලව එක් තැන් වූ දුගී කාන්තාවකගේ ඉඩම් කට්ටියක් පැවරී තිබිණි. මේ ඉඩම් කට්ටිය අඩු ආදායම් ලාභී ගොවි පවුලකට ලබා දෙන බලපත්‍ර ඉඩමකි.   භූ දර්ශනයෙන් මනාකොට සීගිරි පර්වතය පෙනෙන තැනකි.

ඉඩම් කට්ටියට යාබද ඉඩම කුමාර් සංගක්කාර විසින් සින්නක්කර ඔප්පු පිට මිලදී ගත්තකි. සංගක්කාර වෙනුවෙන් ඔහුගේ කළමනාකරුවෙක් යැයි කියනා පුද්ගලයෙක්  රෝගීව සිටි දුගී ඔත්පල ගැහැණියක හා වැඩක් පළක් කර ගත නොහැකි පිරිමි පුද්ගලයකුගේ අයිතියෙන්  මෙම ඉඩම මුදාගෙන ඇතැයි පැවසිනි. හෙළිදරවු වන පරිදි ඒ සියල්ල සිදුවන්නේ අතිශය අශිෂ්ඨ අයුරිනි.

බොරු ලිපිනයන් සහිත ජාතික හැඳුනුම්පත් නිර්මාණය වී ඇත. සියලුම ලිපිගොනු ව්‍යාජ ලෙස සකසා ඇත. ලබා දී ඇත්තේ බොරු දිවුරුම් ප්‍රකාශය. යහළි සංගක්කාර ඒ ලිපිගොනු තුළ ඉන්නේ අඩු ආදායම් ලාභී කාන්තාවක ලෙසය. කුමාර් සංගක්කාර අඳ ගොවියෙක් ලෙසය. බලපත්‍ර ඉඩමක් පැවරිය හැක්කේ එම බලපත්‍ර හිමියාගේ ලේ ඥාතියෙකුට හෝ  අඩු ආදායම් ලාභී ගොවියෙකුට පමණි. කුමාර් සංගක්කාර අඳ ගොවියෙක් ලෙසත් යහෙළි සංගක්කාර ගෙවිලියක ලෙසත් ඒ ලිපිගොනු තුළ හිඳී.

මයිලත්තෑව ඉඩම

දිවුරුම් ප්‍රකාශ මගින්, ග්‍රාමසේවා සහතික මගින් ඉඩම මුදාහැරීම හා පැවරිම් ක්‍රියාවලියේ අවසන් වන්නේ නැත. මේ ක්‍රියාවලියේ අවසන් අදියර ඉඩම් නිලධාරීවරයා ඉදිරියේ දෙපාර්ශවයම සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමය. එහිදී කොණ්ඩය කොට   කාන්තාවක් ගැනුම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිබව ඉඩම් නිලධාරීවරයා පවසා තිබිණි.  ඇයගේ ප්‍රකාශ සටහන් කර තිබිණි. අත්සන් කර තිබිණි.  අවසානයේ  ඉඩම් පැවරීම සිදු වී තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දැන් අප ඉදිරියේ වන්නේ අඳගොවි කුමාර් සංගක්කාරගේ හා අඩු ආදායම් ලාභී යහළි සංගක්කාරගේ ව්‍යාජ ලිපිගොනුය. කුමාර් සහ යහළි මේ ගනුදෙණුවට තමන් කිසිසේත් සම්බන්ධ නොවූ ආකාරය ලිඛිතව ප්‍රකාශ කරයි. තමන් හාංකවිසියක් නොදැන තමන්ගේ ඉඩම් ගනුදෙණු කරනා පුද්ගලයා තමන් සහ තම බිරිඳ මුලුමනින්ම නොමග යවා කූඨ ලේඛණ හදා ඇති ආකාරය යළි යළිත් පවසයි.

අයෙකුට අනුව මේ දේශපාලන කුමන්ත්‍රණයකි.  ඒ කුමන්ත්‍රණකරුවන් රාජපක්ෂ පවුලය. ඔවුන්ට අනුව සංගාගේ දේශපාලන ආගමනයක් වේ නම් එය වැළැක්වීම සඳහා මේ මඩ ව්‍යාපාරය දියත් කර ඇත.

මේ කතන්දරවලට අමතරව  දැන් අප ඉදිරියේ කූට ලේඛණ ප්‍රමාණයක් වේ. රටේ සියලුම නෛතික රාමු පමණක් නොව, මූලික සදාචාරය ද බිඳ දමමින් සිදු වූ  අතිශය හිරිකිත ඉඩම් පැවරීමක් වේ. ඒ කාරණාවට සම්බන්ධව සංගක්කාර ලියූ ලිපි ප්‍රමාණයක් වේ. සංගක්කාර ඉඩම් කොමසාරිස් ලබාදුන් ලිපියක් වේ.

මේ ගනුදෙනුව සිදුවන්නේ සංගක්කාර දැනගෙන ද, නොදැන ද යන්න  පැහැදිලිව හෙළි වන්නේ ඉදිරියේ දී කරනු ලබන පරීක්ෂණවල ස්වරූපය අනුවය.  මේ ලියැවෙන්නේ එම ගනුදෙණුව සම්බන්ධව මෙතෙක් හෙළිවන තොරතුරුය.

ප්‍රාදේශීය ලේකම්වරයා කියන කතාව

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය ය. ඔහු පවසන පරිදි පසුගිය ජනවාරි 03 දා කුමාර් සංගක්කාර ඔහුට දුරකථන ඇමතුමක් දී තමන්ගේ නව ඉඩමේ විදේශීය ආයෝජනයක් සමග හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්,  ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහිත ලිපියක් අවශ්‍ය බවත් දන්වා සිටියේය. ප්‍රාදේශීය ලේකම්වරයා  කුමාර් සංගක්කාරට සීගිරියේ සින්නක්කර ඉඩමක් ඇති බව දැනගෙන සිටියේය. ඔහු පවසා තිබුණේ ඔහුගේ ඉඩමේ ඉදිකිරීමක් කිරීමට තමන්ගේ අවසර අනවශ්‍ය බවය.

මේ ඉඩම එය නොව, වෙනත් ඉඩමක් බව කී සංගක්කාර මේ සම්බන්ධව පැහැදිලි කිරීමට ඔහුගේ ඉඩම බලාගන්නා කළමණාකාරවරයා යැයි කී අයෙක් දුරකථන සංවාදයට එක් කරගෙන තිබිණි. ඔහු ඩබ්ලිව්.ජී.අයි.සංජීව අසේලය නැමැත්තෙකි.  මේ තැනැත්තා ප්‍රාදේශීය ලේකම්වරයාට පවසන්නේ එම ඉඩම ඇත්තේ යහලි සංගක්කාර නමට බවය.  මෙම පුද්ගලයා ලබා දෙන තොරතුරු අනුව මේ ඉඩම දීමනා පත්‍රයකින් ලැබෙන ඉඩමකි. යහලි සංගක්කාර නමට පවරා ඇත්තේ මාසයකට කලිනි.

කුමාර් සංගක්කාරගේ බිරියගේ නමට රජයේ ඊ453ඩී/ LL 287 දරන බලපත්‍රය ලබාදුන් මුල් හිමිකරුගේ බිම් කට්ටි  208 විස්තරය

මේ ඉඩම සංගක්කාර වැනි පුද්ගලයෙකුට පැවරිය හැකි ඉඩමක් නොවේ.  කොළඹ පදිංචි අයෙකුට ඉඩමක් පැවරූ බවක් ප්‍රාදේශීය ලේකම්වරයාට මතක නැත. ඔහු පසුදින උදෑසනම ගොස් කරන මුල්ම කාර්යය මේ ඉඩම් ගනුදෙනුව පිළිබඳ තමා අත්සන් කර 2020.12.11 දින  පැවරීම් කර තිබූ සිගිරිය මයිලත්තෑවේ මෙම ඉඩම ගැන ලිපිගොනුව පරීක්ෂා කිරීමය.

පැවරුම්ලාභී කාන්තාව අදාල ඉඩම සඳහා අයදුම්පත යොමු කර ඇත්තේ 2020-10-05 දිනය. මයිලත්තෑව පැවරුම්කරු සම්බන්ධව ග්‍රාම නිලධාරි නිර්දේශය ලැබි ඇත්තේ 2020-11-10  දිනය. ඉහළ ඇරුවුවල පදිංචි පැවරුම් ලාභියා සම්බන්ධව ග්‍රාම නිලධාරී නිර්දේශය ලැබී ඇත්තේ 2020.10.29 ය.  ජනපද නිලධාරි නිර්දේශය 2020-12-03 ලැබි ඇත. කාර්‍යාලයට එම ලිපිගොනුව භාර දුන් දිනය 2020-12-03 බවත් විෂය භාර නිලධාරියා තමන් වෙත එම ලිපි ගොනුව 2020-12-7 දින භාර දුන් බවද ප්‍රාදේශීය ලේකම්වරයා සොයා ගත්තේය. එසේම තමන් එම පැවරුමට අත්සන් කළේ 2020-12-11 බවත් ඉඩමේ නියෝග 139 අවසර ලබාදිමේ ලිපිය කෙටුම්පත් කළේ 2020-12-16 බවත් පැහැදිලි විය.

මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයා සියල්ල තහවුරු කරගත්තේය.  සංගක්කාරගේ බිරියගේ නමට පැවරූ ඉඩමක් නැත. දිලූෂා යහලි පීරිස් නැමැති ඇරුවුවල පදිංචි අඩු ආදායම්ලාභී කාන්තාවකට ඉඩම පවරා ඇත. ප්‍රාදේශීය ලේකම්වරයා ඒ අවස්ථාවේම එම ලිපිනයේ පදිංචිය ගැන සොයා බැලුවේය. එවැනි කාන්තාවක් එවැනි ලිපිනයක නැත. ව්‍යාජ හැඳුනුම්පතක් නිර්මාණය වී ඇත. එම හැඳුනුම්පත නිර්මාණය වී ඇත්තේ යහළි සංගක්කාරගේ හැඳුනුම්පත් අංකයටය.  එතැන් සිට සියලුම ලිපිගොනු හදා ඇත්තේ කූඨ ලෙසය.  ඉඩම් නිලධාරීවරයා කියා තිබුණේ හැඳුනුම්පතේ ඇති කාන්තාවට සමාන හැඩ රුව සහිත කාන්තාවක් අවසන් විභාගයේ දී ඉඩම් නිලධාරියා හමුවට පැමිණි බවය.  ඇයගේ ප්‍රකාශ සටහන් කරගෙන තමන් ඉදිරියේ අත්සන් කළ බවට වූ අත්සනත් යෙදූ බවය.

ප්‍රශ්නගත ඉඩම් කට්ටිය

මේ සිද්ධිය සම්බන්ධ සියලු තොරතුරු හෙළි කරගත් පසු එදිනම එනම් 2021.01.04 දිනම ග්‍රාම නිලධාරීවරයා ගෙන්වා ඔහුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඒ සම්බන්ධව දිසාපතිවරයා දැනුවත් කර ප්‍රාදේශීය ලේකම්වරයා සිය විමර්ශන ආරම්භ කළේය. 2021.01.05 දින 20/04/06 චක්‍රලේඛය අනුව දීමනා බලපත්‍රය අවලංගු කිරීම සඳහා මේ සම්බන්ධව ඔහු ලිඛිතව ඉඩම් කොමසාරිස්වරයා දැනුවත් කළේය. අනතුරුව සිද්ධිය සම්බන්ධව 2021 දා  ඔහු ලිඛිතව දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කර විමර්ශනයක් සිදු කරන ලෙස දන්වා යැව්වේය.  2021.01.11 වැනිදා ග්‍රාම නිලධාරීවරයා වැඩ තහනමට ලක් වුණේය.

මේ අතර ඉඩම් කොමසාරිස්වරයා ප්‍රාදේශීය ලේකම්වරයා දැන්වූ  ලිපියට අනුව 2021.01.11 දින    පලාත් ඉඩම් කොමසාරිස්වරයාට මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස දැන්වූයේය. පසුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දෙන්නේ මෙම  දීමනා පත්‍ර රජයට පවරාගෙන දිර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ ඉල්ලුම්කරු වෙත ඉඩම බැහැර කරන ලෙසය. ප්‍රාදේශීය ලේකම්වරයාට අනුව ඒ දැනුම් දීම කරන්නේ ජනවාරි  21 දාය.  දැනට විමර්ශන ආරම්භ කර ඇති බැවින් එම කටයුතු අවසන් වනතුරු දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉඩම ලබා දිය නොහැකි බව ප්‍රාදේශිය ලේකම්වරයා ඉඩම් කොමසාරිස්ට 2021.02.15 ලිඛිතව දන්වා යවන්නේය.

සංගක්කාර ඉඩම් කොමසාරිස්වරයාට මෙම ඉඩම ගැන ලියන්නේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ප්‍රාදේශිය ලේකම්වරයා විසින් ආරම්භ කළ පසුය. ඔහු කළ පැමිණිල්ලක් නිසා ප්‍රාදේශීය ලේකම්වරයා පරීක්ෂණ ආරම්භ කෙරුවේ නැත. ඉඩම් කොමසාරිස්වරයාට මේ ගැන මුලින්ම දැන්වූයේ සංගක්කාර නොවේ. ප්‍රාදේශිය ලේකම්වරයාය. ඉඩම් කොමසාරිස්වරයා සිද්ධිය ගැන සංගක්කාරගෙන් දැනුවත් වන්නේ නැත. කෙසේ වෙතත් ඔහු සංගක්කාරගේ වගකිවයුතු පුරවැසි වගකීම අගයමින් ලියුමක් නිකුත් කරන්නේය. ඒ 2021.01.21 දිනය. මේ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා අහිංසක අඩු ආදායම් ලාභි කාන්තාවගේ දීමනා පත්‍ර රජයට පවරාගෙන දිර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ එය සංගක්කාර වෙත ලබා දෙන ලෙස ලිඛිතව දන්වන්නේත් එදිනමය.

සංගක්කාර සහ යහලි ඉඩම් කොමසාරිස්ට යැවූ ලිපිය

සංගක්කාර කියන කතාව

දැන් කූට ලේඛණ හදා සංගක්කාරව වංචා කළ බවට මූලිකම චෝදනාව ලබන්නේ ඔහු වසර 10ක් පුරා ඇසුරු කර ඔහුගේ බ්‍රෝකර්වරයාය. ඔහු  වබ්ලිව්.ජී.ඒ.ජී.වර්ණකුලසූරිය  නැමැත්තෙකි. සංගක්කාරට අදාල ඉඩම ගැන තොරතුරු ලැබුණේ මේ බ්‍රෝකර්ගෙනි.  දඹුල්ල සීගිරිය අවටින්  මීට පෙර ඔහු  ගත් ඉඩම්වලදී ද සංගක්කාරගේ ගනුදෙණු කරනු ලැබුවේ ඔහුය.

ඉඩමේ බලපත්‍ර සහ පැවරුම නෛතිකව සිදුවෙන බවත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සතුව එහි සියලු ලියකියවිලි ඇති බවත්  සංජීව අසේල තමන්ට කියු බව සංගක්කාර කියන්නේය.

ඒ අනුව ඔප්පුවේ විස්තර පරික්ෂා කොට බිරිදගේ නමට ඉඩම නෛතිකව පවරා ගන්නා ලෙස කියමින් බිරිදගේ සියලු විස්තර සහ වැඩේට අවශ්‍ය මුදල්ද බ්‍රෝකර්වරයා වෙත ලබා දුන් බව ඔහු පවසන්නේය. තමන් ඒ ගැන සොයා නොබැලු බවත් ඉඩම තියෙන තැනක්ද නොදන්නා බව ඔහු කීවේය.   අවසානයේදි  ඉඩම පවරා ගැනිමේ ලිපිගොනුවලට අත්සන් කිරීමට යාමේදි අඩු ආදයම්ලාභියෙකු ලෙස සඳහන් කර තිබු නිසා ප්‍රාදේශීය ලේකම්ගෙන් ඒ ගැන  විමසා ඉඩම් කොමසාරිස්වරයාට පමිණිලි කල බවද සංගක්කාර පවසන්නේය.

මේ ඉඩම තියන තැන සංගක්කාර නොදන්නේ නැත. එය ඔහුගේ අක්කර හතර සින්නක්කර ඉඩමට යාබද ඉඩමය.  ඔහු ප්‍රාදේශීය ලේකම්වරයාව විමසන්නේ ඉඩම පවරා ගැනීමේ ලිපිගොනු පරීක්ෂා කර නොවේ. එම ලිපිගොනු ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. ඔහු මේ කියන ආකාරයට බ්‍රෝකර් ඔහුව ඇන්දුවා නම් ඔහුට   ලැබෙන්නේ බලපත්‍ර ඔප්පුව හා පත්ඉරුවය.  ඔහු ප්‍රාදේශීය ලේකම්ට කතා කරන්නේ පවරාගත් ඉඩමේ හෝටලය ඉදි කිරීමට අවශ්‍ය අනුමැතිය සහිත ලිපියක් ලබා ගැනීමට මිසක් සිදු වී ඇති දෙය දැනගෙන නිවැදරදි කරන්නට නොවේ.  ඉඩම් කොමසාරිස්වරයාට ඔහු පැමිණිලි කරන්නේ මේ සිද්ධිය පිලිබඳ විමර්ශන ප්‍රාදේශීය ලේකම් විසින් ආරම්භ කළ පසුය. ප්‍රාදේශීය ලේකම් මේ සම්බන්ධව ඉඩම් කොමසාරිස්වරයාව ලිඛිතව දැනුවත් කළ පසුය.

ඉඩම් කොමසාරිස් සංගක්කාරට යැවූ ලිපිය

සිද්ධිය රහසක් සේ තබා ගැනීම

මෙම සිදුවීම කිසිම ලෙසකින් එළියට නොයා රහසක්ව තබා ගැනීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කටයුතු කළත් ඉඩම් පලහිලව්වක් නිසා ග්‍රාම නිලධාරිවරයෙකුගේ වැඩ තහනම් වූ බව දඹුල්ල ජනතාව අතර කතාබක් ඇති විය.   ඉන් පසු මෙම සිදුවීම මුලින්ම වාර්තා කල දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස තොරතුරු දැනගැනීමේ පනත හරහා දඹුල්ල  ප්‍රාදේශීය ලේකම්කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටියේය.

එම තොරතුරු මත කුමාර් සංගක්කාරගේ බිරිද විසින් එම ඉඩම මිලදි ගැනීමට කටයුතු කර ඇති බවට වාර්තා විය. මේ ගැන   සoගක්කාර කියන්නේ තමන් දුන් නිවැරදි දත්ත වෙනස් කොට අදාල ඉඩම පැවරීමට ලිපිගොනු සකසා ඇති බවකි.

සංගාගෙ බ්‍රෝකර්

කුමාර් සංගක්කාරගේ පියා විසින් සිගිරිය දඹුල්ල අවට කූඨ ලේඛණ යොදා ගනිමින් ඉඩම් විකුණූ බ්‍රෝකර්වරයෙකුට විරුද්ධව නඩු පවරා ඔහුගේ බ්‍රෝකර් බලපත්‍ර අහෝසි කොට නීතිය ක්‍රියාත්මක කළ අයෙකි. සංගලා බ්‍රෝකර්වරු ගැන නොදන්නෙ නැත.

කුමාර් සංගක්කාර පවසන පරිදි ඔහුට ඇත්තේ අක්කර දෙකක පමණ ඉඩමකි. ගැටලු මතු වු ඉඩමේ සියලු  කටයුතු බ්‍රෝකර්වරයා කර දෙන බ ව කියු නිසාත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සියලු තොරතුරු තිබෙන නිසාත් ඉඩම් මිලදි ගැනීමට එකඟ වූ බව සංගක්කාර පවසයි. මේ ඉඩමේ පැවරුම් බලපත්‍ර ලාභී කාන්තාව  මයිලත්තෑව ප්‍රදේශයේ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණිය.

ඇය කරන   ප්‍රකාශයක හඩපටයක් තිබේ.  ඇය දිගු කාලීන අසනීපයකින් පෙළෙන බවත් මැරෙන තුරු බලා ගන්නවා යැයි කියා ඉඩම පවරා දෙන ලෙස සංගක්කාරගේ ඉඩම බලා ගන්නා මහත්තයා කී බවත් ඇය එමගින් ප්‍රකාශ කරන්නීය.  ඉඩම පැවරුවේ කාට දැයි තමන් නොදන්නා බවත් ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය මූලික පරීක්ෂණ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ඉඩම බලාගන්නා මහත්තයා විසින් ලබා දුන් බවත්, ඇය එම හඬපටයෙන් කියන්නීය.

ඉඩම පැවරීමේදි සාක්ෂි කරුවන් ලෙස අත්සන් කොට ඇත්තේ ඩබ්ලිව්.ජී.අයි.සංජීව අසේල සහ වබ්ලිව්.ජී.ඒ.ජී.වර්ණකුලසූරිය නැමැත්තන්ය. වර්ණකුලසූරිය යනු මෙම ඉඩම් ගනුදෙනුවේ බ්‍රෝකර්වරයාය. ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් කූඨ ලේබණ සකසා විකිණීමකට ද වැරදිකරුවෙකු වූ අයෙකි. කණ්ඩලම හොඉටලයේ රූම්බෝයි කෙනෙකු ලෙස සේවය කළ මොහු ඉඩම් ගනුදෙනුවලට සම්බන්ධ වී ධනවත් වූ අයෙකු ලෙසද සැලකේ.

සංගාගේ බොහෝ ඉඩම් ගනුදෙණු කර ඇත්තේ මේ පුද්ගලයා බව ඔහු  කියන්නේය.

පරීක්ෂණ රැසකි. පොලිස් පැමිණිල්ලක් දමන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ කීවේය.  තවමත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම පොලිස් පැමිණිල්ල කර නැත. සියල්ල දෙස නිසෝල්මනේ බලා සිටිනවා හැර මේ මොහොතේ කළ යුත්තක් නැත.

එක් කාරණාවක් කිව යුතුව තිබේ. සංගක්කාර දෙස මවිත වී බලා සිටිය යුතු නැත. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ රජයේ ඉඩම් අත් කරගෙන සිටිති. හැම ආණ්ඩුවකම දේශපාලකයන් මේ අත්පත් කරගැනීම් කරමින් හිඳිති. හොරකම බොරුව යථාර්ථය වූ රටක සංගක්කාර දෙස ඇස් උඩ තියාගෙන බලාගෙන සිටිය යුතු නැත.

ඔහුත් මේ රටේ පුරවැසියෙකි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිජාස් හිස්බුල්ලාට මද්‍රාසා පාසල් සිසුන් අතර ආගම් වෛරය පැතිරවීම ඇතුළු අධිචෝදනා 5ක්

Next Post

කෝටි හතලිහක් වටිනා බත්තල් තුනක් වැඩක් නොගෙන දිරාපත් වෙන්න ඇරලා..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.