ෂේඩ්ස් ව්‍යාපාරය අධිපති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකාර තරුණ යුවල අත්අඩංගුවට…

තලංගම පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තෙමල් නිවසක් තුළ ඝාතනය කරන ලද ෂේඩ්ස් රෙදි පිළි ව්‍යාපාර සමූහයේ හිමිකරු වූ  රොෂාන් වන්නිනායකගේ ඝාතන සැකකරුවන් වූ තරුණ යුවල අද (05) සවසක් කාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණට ලද තොරතුරක් අනුව කඳාන පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසලක් අසලදී ය.

අනතුරුව සැකකරුගේ බිරිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 27 හැවිරිදිය. සැකකාරියගේ වයස අවුරුදු 23කි. මේ දෙපළ නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


මේ ලිපියත් කියවන්න..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

Exit mobile version