අභිරහස් ලෙස මියගිය ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද (25) යළි ගොඩගැනීමට නියමිතය.
අභාවප්‍රාප්ත ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ වෛද්‍ය විශේෂඥ කමිටුව අධිකරණයට කරන ලද ඉල්ලීමකට අනුව දේහය ගොඩගැනීමට අධිකරණය නියෝග ලබා දී ඇත.
බොරැල්ල පොදු සුසාන භූමියේ පිහිටි අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර්ගේ සොහොනට පසුගිය දින කිහිපය තුළම පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණි.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගිනි.
2022 දෙසැම්බර් 15 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී ඔහුගේම මෝටර් රථය තුළම දෑත් බැඳ ගෙල සිරකර තිබියදී ෂාෆ්ටර් සොයා ගත් අතර, ඔහු එදින රාත්‍රියේ රෝහලේදී මිය ගියේය.