අහස සිඹින කඳු නැඟීමට ප්‍රසිද්ධත්වයක් උසුලන ඉහළ ෂර්පාවරුන්ගේ සංස්කෘතික උත්සවයක් වන ‘ගයිලාපෝ ලොසාර්’ උත්සවය පසුගියදා අවසන් විය. ඉන්දියාවේ කත්මණ්ඩු නගරයේ වාසය කරන ‘ෂර්පා’වරුන් බ්‍රහස්පතින්දා ආරාමවලට රැස් වී චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතික ප්‍රසංග පවත්වමින් සාර්ථකත්වය සහ ස්වභාවධර්මයේ ආශීර්වාදය ඉල්ලා යාච්ඤා කළහ.
මෙම උත්සවයෙන් අනතුරුව ඔවුන් යලිත් කඳු නැඟීම්වලට එකතු වෙන අතර මෙම උත්සවය ඊට ආශිර්වාදය ඉල්ලා ගැනීම වෙනුවෙන් පවත්වන පූජාවක් ද වේ.
“මේක අලුත් අවුරුද්දක ආරම්භය… ‘ලෝසාර්’වලට පස්සේ ගවේෂණ කාලය පටන් ගන්නවා. අපේ සංස්කෘතියට අනුව කඳු නැඟීම පටන් ගන්න කලින් අපි ‘ගුමබ්ා’ ටවදිනවා හා යාඥා කරනවා. ඊට පස්සේ මූලික කඳවුරු සූධානම් කරනවා.. අපි ඉහළ කඳවුරුවලට යන්න කලින් අපේ දෙවියන්ගෙන් ආරක්ෂාව අයදිනවා.. අපිව සාර්ථක කරලා දෙන්න කියනවා..” කඳු නැඟීමේ ෂර්පා කමිටුවේ සාමාජිකයෙකු වන ‘ෆුර්බා ෂෙර්පා පැවසීය.
උත්සවය කාලය අතරතුර මිනිසුන් ගීත ගායනා කරමින්, නර්තනයේ යෙදෙමින් හා විශේෂ ආහාර කමින්, සේම විශේෂ උත්සව පවත්වමින් දින තුනක් සමරනු ලබයි.
උත්සවයේ පළමු දිනයේදී ෂර්පාවරුන් නිවාස පිරිසිදු කර ‘චාන්ග්කෝල්’ නැමැති බීම වර්ගයක් බෙදා ගනු ලැබෙයි. ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රිය සටහන් වන විට ‘තාෂි ඩෙලෙක්’ නැමැති සාම්ප්‍රදායික සුබපැතීම සිදු කරනු ලබයි.