ලෝක සම්භාවනාවට පත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු අද සුප්‍රකට මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිතව ඇත.
මෙල්බර්න් ක්‍රීඩාංගනය වෝන්ගේ ක්‍රීඩා ජීවිතයේ අමරණීය මතකයන් සහිත ස්ථානයය.
අවමංගල්‍ය උත්සවය සඳහා නොමිලයේ ප්‍රවේශපත් නිකුත් කර ඇති අතර පනස් දහසකට අධික පිරිසක් එම ප්‍රවේශපත්‍ර වෙන් කරගෙන තිබේ. මේ අවස්ථාව සඳහා සුපිරි ක්‍රීඩකයන්, නළු නිලියන් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතව ඇත.
ශේන් වෝන් මිය යන්නේ පසුගිය 04 වැනිදා තායිලන්තයේ නිවාඩුවක් ගතකරමින් සිටියදී ඇති වුණ හෘදයාබාධයකිනි.
.