ශ්‍රියානි විජේසිංහ-
පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයන් පැවැත්වීම කටයුතු යොදා තිබූ දිනයන් හී දීම පැවැත් වීමට සියලුම උත්සහයන් දරණ බව කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (07) සඳහන් කරයි.
විභාගයන් කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ පිළිබදව මානසික බිදවැටීම් ඇති කර නොගන්නා ලෙසත් ඇමතිවරයා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කර සිටියි.
විභාගයන් පැවත්වීමේදී සෞඛ්‍ය අංශ ලබා දුන් නීතිරීති හා රෙගුලාසී අකුරටම ක්‍රියාත්මක කිරිම් කටයුතු කරන බවත් ඒ පිලිබදව දැඩි කැපවීමක් කරන්නැයිද ඇමතිවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.