සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිකර් ධවාන් ආයේ ක්‍රිකට් ගහන්නෙ නෑ… ජීවිතයේ ඉදිරියට යන්න පිටුවක් පෙරළිය යුතු බවට සමාජ මාධ්‍යයේ පණිවිඩයක් තියා ශිකර් ධවාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී!

by editor
අගෝස්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් බිහිවු විශිෂ්ඨම ක්‍රීඩකයෙක් වූ ශිකර් ධවාන් තමන් සියලුම ආකාරයේ ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම අද (24) උදෑසන නිවේදනය කළේය.

අද සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු සිය සමුගැනීම දන්වා සිටියේය.

ධවාන්ගේ අවසන් තරගාවලිය වූයේ අප්‍රේල් මාසයේදී පැවති , IPL 2024 ය. එහිදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ධවාන් විසිනි. ඔහු ඉන්දියාව නියෝජනය කළ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ තරඟ 269 ක දී ශතක 24 ක් ලබා තිබිණි. ඒ එක්දින 17 ක් සහ ටෙස්ට් තරඟ 07ක් ලෙසිනි.

“ජීවිතයේ ඉදිරියට යාමට පිටුව පෙරළීම වැදගත්… ඒ නිසා ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කරනවා…” ධවාන් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

“ඉන්දියාවට මෙච්චර කාලයක් ක්‍රීඩා කළ මගේ හිතේ සාමයෙන් මම සමුගන්නවා. මම මටම කියාගන්නේ ඔබ තවදුරටත් ඉන්දියාවට ක්‍රීඩා නොකරන බවට දුක් වෙන්න එපා, නමුත් ඔබ ඔබේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන සතුටු වෙන්න කියලයි” ධවාන් ප්‍රකාශ කළේය.

ඉන්දියාව වෙනුවෙන් ධවාන් සිය මංගල අන්තර්ජාතික තරගය ක්‍රීඩා කරන්නේ වර්ෂ 2010 දී ය. ඔහු සිය ක්‍රීඩා දිවිය පුරා පිතකරුවෙක් ලෙස 40ට වැඩි සාමාන්‍යයක් රඳවා ගත්තේය. ඔහු විශ්‍රාම යන්නේ 90ට වැඩි ප්‍රහාරක වේගයක් සහිතව ලකුණු 5000කට වඩා වැඩියෙන් රැස් කළ ලෝකයේ එක්දින පිතිකරුවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු ලෙසය. සමස්තයක් ලෙස ඔහු එක්දින තරග 167කදී ලකුණු 6793ක් ලබා ගත්තේ තරගයකදී ලකුණු සාමාන්‍ය 44.11ක් සහ ප්‍රහාරක වේගය 91.35ක් ලෙසිනි. මේ ලයිස්තුවේ සිටින අනෙක් ඉන්දියානුවන් දෙදෙනා රෝහිත ෂර්මා සහ විටරාට් කෝලිය. ධවාන සිය අවසන් එක්දින තරගය 2022 දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට එරෙහිව චැටෝග්‍රම්හිදී ක්‍රීඩා කළේය.

ටෙස්ට් තරග 34කදී ඔහු ලකුණු 2315ක් ලබා ගත් ශිකර් ධවාන්ගේ සාමාන්‍ය ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40.61ක් විය. විස්සයි20 තරග 68කදී 1759ක් ඔහු ලබා ගන්නේ ප්‍රහාරක වේගය 126.36ක රඳවා ගනිමිනි.

2013 වසරේ මොහාලි හිදී සිය මංගල ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 85ක ශතකයක් වාර්තා කළ ධවාන් ටෙස්ට් ක්‍රිකට් තරගයක දී ආරම්භක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තා කළේය. එම තරගයේ දී ඔහු ලබා ගත් ලකුණු 187 ටෙස්ට් මංගල ටෙස්ට් තරගයේදී ඉන්දීය පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස පවතී.

ධවාන් IPL තරඟාවලියේ දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස්, ඩෙකන් චාර්ජර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ පන්ජාබ් කිංග්ස් නියෝජනය කර තිබිණි. IPL ඉතිහාසයේ ඔහු කෝලිට පිටුපසින් දෙවන වැඩිම ලකුණු ලාභියා වේ. ඔහු ලකුණු 6769ක් රැස් කළේය. තරඟ 222 ක් ක්‍රිඩා කළයේ. ඔහුගේ ප්‍රහාරක වේගය 127.14 විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් විෂය නිර්දේශ පෙළපොත් නිර්මාණය පිරිසක් භුක්තියට සවි කරන්… මුග්ධ පිළිලය තියුණු සැත්කමකට භාජනය කළ යුතුයි… මහාචාර්ය සරත් විජේසූරිය කියයි!

Next Post

මැතිවරණ වියදම පහනේ එකකින් අඩු කරගන්න මැතිවරණ කොමිසම සැලසුමක!

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.