ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ සිට පාස්කු කොමිසමට අද සාක්ෂි දීමට සූදානම් වෙයි.

ඔහු කොළඹ ජාතික රෝහලේ මේ වන විට නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ තාක්ෂණික නිලධාරීන් එම ස්ථානයේ සිටින බව වාර්තා වේ.


ඒ වීඩියෝ හමුවක් මගින් සජීවීව සිදුකරන එම සාක්ෂි දීමට අදාළ පහසුකම් සම්පාදනය කිරීම සඳහායි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ සාක්ෂි දීම සදහා සහය වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද මීට අදාළ ලිපි ගොනු රැගෙන එම ස්ථානයට ගොස් තිබේ.

Exit mobile version